අඩු පිරිවැයකින් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් යැවිය හැකිව තිබිය දී මිලියන ගණනක් වැය කර නදීකගේ බිරිඳ පොදුරද සමුළුවට යවලා..?

අඩු පිරිවැයකින් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් යැවිය හැකිව තිබිය දී මිලියන ගණනක් වැය කර නදීකගේ බිරිඳ පොදුරද සමුළුවට යවලා..?

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවා හි දී ය.

එම සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇතත් රුසියාවේ පැවත්වෙන BRICS සමුලුවට මෙන්ම මෙයටත් සහභාගී නොවීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තීරණය කර ඇත.

රාජ්‍ය නායකයා හෝ ඔහුගේ නියෝජිතයෙක් ශ්‍රීලංකාවෙන් සහභාගී නොවන අවස්ථාවක එයට සහභාගී කරවිය යුත්තේ විදේශ සේවයේ සිටිනා නිළධාරියෙකි.

සමෝවා රාජ්‍යට සමීපයේ පිහිටා ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිළධාරීනියක් වන චිත්‍රාංගනී වාගීශ්වර ඉතාමත් අඩු පිරිවැයකින් සහභාගී කරවීමට හැකියාවක් තිබියදී,

මිලියන ගනනක් වියදම් කරමින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් වරිය සහභාගී කරවූයේ ඇයි?

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස සිටින්නේ ජාතික ජන බලවේගය වේදිකාවේ මුල සිටම සිටි නදීක ගුරුගේ නම් ගායකයාගේ බිරිඳයි..

රාජ්‍ය මුදල් අවභාවිතය ගැන පුරසාරම් දෙඩවූ මාලිමාව රජය ඔවුන්ගේ හිතවතුන්ට සැප විඳීම සඳහා ඉතාමත් අඩු වියදමින් චිත්‍රාංගනී වාගීශ්වර සම්බන්ධ කිරීමට ඇති අවස්ථාවක දී,

එසේ නොකර ඔවුන්ගේ හිතවතෙකුගේ බිරිඳක් මිලියන ගණනක වියදමක් දරා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී කරවීම සුදුසු ද?

රාජ්‍ය මුදල් තම හිතවතුන්‍ට රිසි සේ අවභාවිතා කිරීමට ඉඩදීම ද මාලිමාවේ පුනරුද යුගය?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *