අතුරු තහනමට එරෙහි විජේදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි..! සිරිපාලගේ වැඩබලන සභාපතිකම තහවුරුයි..!

අතුරු තහනමට එරෙහි විජේදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි..! සිරිපාලගේ වැඩබලන සභාපතිකම තහවුරුයි..!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිශ්ප්‍රභ කරන බව අධිකරණය සදහන් කළේඋඅ.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න / මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රීලනිපයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ සභාපති ධුරය අධිකරණයෙන් අත්හිටවූ පසු, ඔහුගේ පාර්ශවය විසින් විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ධුරයට පත් කරන ලද්දේ, ශ්‍රීලනිපයේ මෛත්‍රීට එරෙහි පාර්ශවය විසින් නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරයට පත් කිරීමෙන් අනතුරුව ය. විජේදාසගේ පෙත්සම නිශ්ප්‍රභ කිරීමත් සමග නිමල් සිරිපාල ද සිල්වාගේ පත්වීම නීත්‍යානුකූල වීමක් මේ අනුව සිදු වී තිබේ.

මේ අතර, මෛත්‍රීපාල පාර්ශවයෙන්, විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කළ නමුත්, පවත්නා තත්ත්වය යටතේ ඒ සඳහා ඉදිරිපත් නොවීමට ඔහු තීරණය කර ඇතැයි ද ආරංචි මාර්ග පවසයි. ශ්‍රීලනිපයට ගොස් තනතුරු භාරගෙන ජනාධිපති ධුරයට තරග කිරීමට සූදානම් වන්නේ නම්, ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විජේදාසට දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *