අන්තිමේ සජිත් ෆොන්සේකාගේ සභාපතිකමටත් අත තියයි..?
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එම ඉවත් කිරීම ඉතා ඉක්මණින් ම සිදුකරනු ඇති බව ද වාර්තා වේ.
ෆොන්සේකා මහතා විසින් පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් විසින් ඉල්ලා තිබුණේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස ය.
මේ අතර ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් වනු ඇති බවටද මත පළවෙමින් ඇත.