අනුරගේ විදෙස් සංචාර 14කට මිලියන 70 ක් වැය කරලා
ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පසුගිය මාස 20 ක කාලය තුළ රටවල් 14 ක සංචාරය කොට ඇති බවත්, ඒ සඳහා මිලියන 70 ක මුදලක් වැය කොට ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මෙම සියලු විදෙස් සංචාරවලදී ඉහළ මිල ගණන් අය කරනු ලබන ව්‍යාපාරික පන්තියේ ගමන් කොට ඇති බව ය.
අනුර මෙසේ ගමන් කොට ඇති රටවල් වන්නේ මාලදිවයින, කුවේට්, ඉතාලිය, ජර්මනිය, ස්වීට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, කැනඩාව, ස්වීඩනය සහ එක්සත් රාජධානියයි.
මෙම සංචාර අතුරින් මේ වසරේ ගෙවුණු මාස 6 ඇතුළත පමණක් දිසානායක මහතා රටවල් 4 ක සංචාරය කර තිබේ.
එමෙන්ම ඊයේ (19) අලුයම ඔහු තවත් විදේශ සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් ඇත.