අනුරලාගේ ප්‍රධාන හතුරා රනිල් සහ ආණ්ඩුව නෙමෙයි
අද අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ජනාධිපති රනිල් ප්රමුඛ ආණ්ඩුව නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දක්වන හිරුණිකා;
“ඊයේ මම දැකපු විශේෂත්වය තමයි ඒ ආපු සෙනගට මම නම් හිතන්නේ බය වුණා. අපි විශාල ජනතාවක් ඊයේ අරගෙන ආවා.
මම හිතන්නේ ඒකට ආණ්ඩුව විතරක් නෙමෙයි සමහරක් පක්ෂත් බය වෙලා තියෙනවා. මම දැක්කා සමහරක් පක්ෂවල කමෙන්ට්ස් වලත් තියෙනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මේ මේ රඟපෑමක් කරන්න කියලා. ඉතින් රඟපෑමක් කරා නම් ඔහොම අපි ඔය විදිහට ජල ප්‍රහාර කාලා කඳුළු ගෑස් ගහලා එන්න විදිහක් නැහැනේ. අපි කතා කරගෙන ගියේ මේ රඟපෑමක් කරන්නේ. කිසිම මිනිහෙක් තමුන්ගේ කාලය වැය කරලා, තමුන්ගේ ධනය වැය කරලා, තමුන්ගේ ශ්‍රමය වැය කරලා, ජීවිත තර්ජනයෙන් ගිහිල්ලා, පොලිසියත් එක්ක ගැටුම් ඇති කරන්නෙ නැහැ මේ මේ රඟපෑමක් නම් කරන්නේ.
අනිත් එක තමුන් කරනකොට ඒක රඟපෑමක් නොවෙන්න ඇත්තේ. එහෙනම් අපිටත් කියන්න පුළුවන් ඔය විදිහටම ඒගොල්ලන්ගේ නායකයෝ ඉස්සරහට, පොලීසියට හරි ගිහිල්ලා රණ්ඩු වෙන එක රඟපෑමක් කියලා. එතකොට සෝෂල් මීඩියාවල හැත්තෑ අටදාහක්, ට්‍රෝලින් ෆාම් එකක් තියාගෙන, සෝෂල් මීඩියා වල තියෙන ඒ බල, මේ. බලය තමුන් අල්ලගෙන, අල්ලගත්තට, මහපොළොවේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ඊයේ ආපු ඔය සෙනඟ ඕන දේකට ලෑස්ති පාක්ෂිකයෝ ආවේ. අපේ බිම් මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ. විශේෂයෙන්ම වැඩිම සෑම ආසනයකින්ම දාහක් විතර ජනතාව සම්බන්ධ වුණා කොළඹ දිස්ත්‍රික්කයේ විතරක්. වැඩිම ජනතාවක් සහභාගී වුණේ කොළඹ බලය. ඔය පෙන්නුවේ. විශේෂයෙන්ම කොළඹ බලය.
ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ ඔය සමහරක් පක්ෂවල මේ දැන් තමුන් කරනකොට හොඳ වෙන්නත් අනිත් අය කරනකොට වැරදි වෙන්නත් අයට මට කියන්න තියෙන්නේ ඔබ සියලු දෙනාගේම පොදු හතුරා විය යුත්තේ අපි ඔබ සියලු දෙනාගේම පොදු හතුරා විය යුත්තේ මේ ආණ්ඩුව සහ මේ ජනාධිපති. නැතුව මේ විපක්ෂයේම ඉන්න කණ්ඩායම් දෙකක් යන කොටා ගන්න එක නෙවෙයි. ඇත්තටම හරිම විහිළුවක් මේක.
ඒ කියන්නේ බලන් යද්දි තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ තරහකාරයා මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිනේ. බලනකොට සජිත් එක්කනේ දැන් තරහ. දැන් ඔය විදිහටම දැන් නුගේගොඩ අපිට කියන්න පුළුවන්නේ දැන් නුගේගොඩ ඔවුන්ගේ නායකයෝ සම්බන්ධ වෙලා උද්ඝෝෂණයක් තිබ්බා. ඔය වගේ ප්‍රහාරයක් නුගේගොඩ එල්ල වුනේ නැහැනේ. නේද?
ඔහොම ප්‍රහාරයක් නුගේගොඩ එල්ල වුනේ නැහැ. එහෙනම් ඇයි සජිත් ප්‍රේමදාසට විතරක් මෙහෙම ප්‍රහාරය එල්ල වෙන්නේ. එතකොට ඒකෙන් තේරෙන්නේ මොකක්ද? ඒ නිසා එහෙනම් අපිටත් කියන්න පුළුවන් අනුර කුමාර කතා කරගෙන ගියේ කියලා. රනිල් වික්‍රමසිංහ එක්ක. ඒකනේ එයාට එයා එයාට ගැහුවේ නැත්තේ. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ලක්ම හැම ජනතාව සාමාන්‍යයෙන් ඔලුවක් තියෙන ජනතාව හොඳට කල්පනා කරලා කිරලා මැනලා බලන්න ඕනේ.”