අනුර කුමරුගේ දඹදිව චාරිකාව සහ රනිල්ගේ සබඳතාව
ජාතික ජන බලවේගය එහෙම නැත්නම් මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මේ වෙද්දී ඉන්දියාවේ සංචාරයක නිරත වන බවත්, ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගයකට මාලිමාවෙන් නායකත්වය දෙන බව ඉන්දීය රජය පිළිගන්නා බවත්, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කොට තියෙනවා.
ඉන්දීය රජයේ ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු ජාජබ පිරිස ඉන්දියාවට ගියත් ගුවන් තොටුපොළට පැමිණ ඒ පිරිස පිළිගන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීයා මහකොමසාරිස් විදියට අලුතෙන් පත් වූ ක්ෂෙණුකා සෙනෙවිරත්න විසිනුයි.
ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නේ කවුරුන්දැයි ඇමෙරිකාව චීනය මෙන්ම කලාපීය බලවතා වන ඉන්දියාව ද, විමසිල්ලෙන් ඉන්න බව දේශපාලනය ගැන දන්නා අයට අමුතුවෙන් කිව යුතු නොවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එකතු කොට රනිල් ජනපති ලෙසත් සජිත් අගමැති ලෙසත් පත් කිරීමට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පහුගියදා උත්සාහයක නිරත වූ බව මේ වෙද්දි රටම දන්නා කාරණයක් වේ.
ඒ අතරේ චීනය ද ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාව තුළ පක්ෂයක් ලෙසින් පුම්බන්නට කටයුතු කරමින් ඉන්න බවක් පෙන්නනට ඇත.
කලාපීය නායකයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවයට ආරාධනයකින් ගෙන්නුවාට වඩා රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවට පිටත් කර හැරීමට කටයුතු කළ බවක් දක්නට ලැබේ.
ඒ ද රනිල් වික්‍රමසිංහ තම බලය ලබා ගැනීමට සහ බලය පවත්වාගෙන යෑමට බළලුන් ලවා කොස් ඇට බාවන්නා සේ අනුර ලවා තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කිරීම බව අනුර කුමාර නොදැන කටයුතු කරනවා වන්නට නොහැකිය.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනප්රසාදය ජන අප්‍රසාදයක් බවට පත්ව ඇති හෙයින් රාජපක්ෂ පවුලට සමීප සහ රාජපක්ෂවාදයට ලැදි අයෙක් ලෙස ගියවර මිලින්ද මොරගොඩ මෙන් මෙවර ක්ෂෙණුකා සෙනෙවිරත්න ශ්‍රී ලංකා මහකොමසාරිස් විදියට ඉන්දියාවේ පත්වීම් ලබා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව නියෝජනය කරන ඉන්දියාවේ මහකොමසාරිස් විදියට පත්වීම් ලබා සේවය කරන ක්ෂෙනුකා සෙනෙවිරත්නගේ අක්මුල් දිව යන තැන් පිළිබඳ සොයා බලන එක මුලින්ම කළ යුතු කාරණයකි.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් පත් කරන ලද මහකොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න රනිල්ටත් වඩා රාජපක්ෂ පවුලට සමීපතම අයෙක් බව කියැවේ. ඊට සාක්ෂි වශයෙන් නාමල් රාජපක්ෂ හා සාදයකදී නර්තනයේ යෙදෙන ඡායාරූප ද මේ වනවිටත් සමාජ මාධ්‍යයන්හි සංසරණය වේ.
සමාජ මාධ්‍ය හරහා මේ වනවිටත් රටේ නායකයා බවට පත්ව ඇති බව මනෝලෝකයක සිටින අනුර කුමාර දිසානායකට මේ වෙද්දී රටට සහ රටේ ජනතාවට ජාත්‍යන්තරව ද තමන්ට සහ තම පක්ෂයට පිළිගැනීමක් ඇති බව පෙන්වීමට අවශ්‍යව ඇත.
මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් රනිල් වික්‍රමසිංහට ගියවරටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබන බව දේශපාලනය නමැති ගේම් එකේ කප්පිත්තෙක් වන රනිල් වික්‍රමසිංහ දන්නා කාරණයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හා එකතුව ජනපතිවරණයට තරග කළ ද ජනපතිවරණය ජයගත නොහැකි බව දන්නා රනිල් වික්‍රමසිංහ මේ සැරේ ප්ලේ කරන්නේ වෙනමම ගේම් එකක් බව දන්නො දනිති.
රනිල් වික්‍රමසිංහ තමාට හිතවත් අනුර කුමාර දිසානායක දිනා ගැනීම සඳහා ඔවුන්ට රටේ ජනතාව ඇන්දවීමට අවශ්‍ය කරන අවස්ථා සකසා දෙන බවක් පෙනෙන්නට ඇත.
රාජපක්ෂවරුන් තමන්ගේ ඥාතීත්වයක් දරන රනිල් තමන්ගේ ගොඩේ ආරක්ෂා කරගන්නට ක්‍රියා කරන්නේ ඔහු ආරක්ෂිත වූ කළ තමනුත් ආරක්ෂා වන බව රාජපක්ෂවරුන් දන්නා නිසා ය. රාජපක්ෂ පවුලට සමීප ක්ෂෙණුකා සෙනෙවිරත්න මුල් වී ඉන්දීය රජයේ ආරාධනාවක් මත ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවට ගෙන්වන බව පෙන්වමින් නාට්‍යයක් රඟන්නේ ඒ රනිල්ට හා රාජපක්ෂවරුන්ගේ බලය රැක ගැනිමට අවශ්‍ය තිර නාටකයේ පලමු දිග හැරුම කරමිනි. අනුර කුමාර දිසානායක ගැලරියට ආතල් දෙමින් තමන් රටේ එකම ගැලවුම්කාරයා ලෙස පෙනී හිඳීමින් රනිල් සහ රාජපක්ෂවරුන්ගේ ගැත්තෙක් වී ඇත. මේ වෙද්දි අධික බදු ඇතුළු ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව එල්ලෙන්න වැලක් හොයමින් ජාතික ජන බලවේගයට ඡන්දය දෙනවා කියා පැවසුවත් අවසානයේ දී වෙන්නේ කුමක්දැයි අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ නායකයින් දැනගෙනත් නොදැන සේ ක්‍රියාකරයි.
දිනෙන් දිනම ජන ප්‍රසාදය වැඩිවෙන බවත්, තමන් මෙවර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණය කරන ප්‍රධාන බලවේගය බව පෙන්වීමට අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ක්‍රියාකරමින් සිටිනුයේ මෙවර යම්තාක් දුරකට හෝ ශක්‍යතාවයක් නොපෙන්නුවොතින් නැවත කිසි දිනක තමන්ට අවස්ථාවක් නොලැබෙන බව දන්නා නිසාවෙනි.
ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය මුදල් යොදවනුයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා බව රාජපක්ෂ පවුලේ සමීපතයෙක් වන උදයංග වීරතුංග වරක් නොව කිහිප වරක්ම මාධ්‍ය වලට පවසා තිබුණි.
ගැලරිය කොතරම් ජාතික ජන බලවේගය ගැන බලාපොරොත්තු තබා සිටිය ද ඔවුන්ද පාලක තන්ත්රයේ අතකොලුවක් බව ඉතාම නුදුරේදී ම හෙළිදරව් වනු ඇත.