අනුර – සජිත් අතරට එන තුන්වැන්නා ??

අනුර – සජිත් අතරට එන තුන්වැන්නා ??

ක්‍රමයෙන් දින ගෙවී යත්ම ජනාධිපතිවරණය පැවැත්වීම ස්ථීර වී ඇතිවාක් මෙන්ම ඒ හා බැඳුන අලුත් ප්‍රවණතාද මතු වෙමින් ඇත.

විශේෂයෙන්ම පොහොට්ටුව කළින් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම හරහා ඇති වූ කලබගෑනියෙන් සහ රංගේ ගේ මුට්ටිය දමා බැලීම හරහා ජනපති රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තිබුණ අවිනිශ්චිතතාව ස්ථීර එකක් බව තහවුරු වෙමින් ඇත.

ඒ තහවුරුවත් සමඟම UNP එකට , පොහොට්ටුවේ රාජපක්ෂ නොවන කණ්ඩායමට, සජබ සජිත් ප්‍රතික්ෂේප කරන කණ්ඩායමට, ශ්‍රිලනිපයේ අමරවීර පිලට ආදිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල හැකි මේ කණ්ඩායම් සියල්ල එකට එකතු කරන ජාතික මට්ටමින් පිළිගන්නා දේශපාලන නායකයකු අවශ්‍ය වී තිබේ.

ඒ පිළිබඳ මේ කණ්ඩායම් තනි තනිව මෙන්ම එකිනෙකා ද සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇති අතර, ඉන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ එක් පක්ෂ නායකයෙකු වෙතටය.

පසුගිය මාස කිහිපයක් තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන පාර්ශව රැසක් එක තැනකට ගෙන ඒමට ඔහුට හැකි වීම එහිදී ඔවුන් වඩාත් සැලකිල්ලට ගෙන ඇත. එමෙන්ම එම දේශපාලන නායකයා ද දැන් කාලයක් තිස්සේ පොදු සන්ධානයක් බිහිකර එහි නායකත්ව මණ්ඩලයක් නිර්මාණය කර, ඒ තුළින් තමන්ට අපේක්ෂකත්වය බාර ගන්න කිව්වොත් සජිත්, අනුර දෙදෙනා සමඟ තරඟයට තමන් සූදානම් බව කියමින් සිටියි.

එබැවින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඉදිරි දින 45 තුළ මෙම කණ්ඩායම්වල එකතුවෙන් පොදු සන්ධානයක් බිහිවීම බොහෝ දුරට සිදුවනු ඇති අතර, ජූනි 08 හම්බන්තොට පැවැත්වෙන ලන්සා පිල සහ අමරවීර පිල ඒකාබද්ධව පවත්වන්නට යන ජන රැලිය තීරණාත්මක එකක් වීමට ඉඩ ඇත.

මේ අතර  තොරතුරු වාර්තා වන්නේ පොහොට්ටුව රාජපක්ෂලා ඇතුලු ඉහළ පෙලේ නායකයන් අතර ද, ජනාධිපතිවරණය සම්බන්ධව අලුත් අලුත් කතා ගොඩ නැගෙමින් පවතින බවයි. මෙතෙක් රනිල් නැත්නම් ධම්මික කියමින් සිටි ඔවුන් ඒ පිළිබඳ අදහස වෙනස් කර ගනිමින් 2015 දී ජවිපෙ සිදු කලාක් වැනි වැඩකට අර අඳින හැඩක් එම තොරතුරු වලින් පෙනී යයි.

2015 දී ජවිපෙ කලේ තමන්ගේම අපේක්ෂකයකු ජනාධිපතිවරණය ට ඉදිරිපත් නොකර, වක්‍රව එවර පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමයි.  පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශවය තුළ ද එවැනි දේකට යොමු විය යුතු බවට කසු කසුවක් ගොඩ නැගෙමින් ඇත.

තත්ත්වයන් පෙළ ගැහෙමින් තිබෙන්නේ සජිත් සහ අනුරට තීව්‍ර තරඟයකට ඉඩ සලසමිනි.  නමුත් ලංකාවේ ජනතාවට මෙම තත්ත්වය අලුත් එකක් වනු ඇත. ඒ මෙතෙක් පුරුදු දෙපසකට ධ්‍රැවීකරණය ජනාධිපතිවරණ තරඟය පාර්ශව තුනක් අතර එකක් වීමට ඉඩ ඇති නිසාය. නමුත් එය අවසාන මොහොතේ දී පවා වෙනස් වී තරඟකරුවන් දෙදෙනෙකුට සීමා වීමට ඉඩක් ඇත්තේ ද, වන්නේ සජබ තුළ සජිත් ප්‍රතික්ෂේප කරන කණ්ඩායම අවසන් මොහොතේ ගනු ලබන තීන්දු තීරණ හරහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *