“අනේ! මාව දඹදිව වත් එක්කන් යන්න, සජිත් මහ කොමසාරිස් ඉදිරියේ හඬා වැටෙයි.

“අනේ! මාව දඹදිව වත් එක්කන් යන්න, සජිත් මහ කොමසාරිස් ඉදිරියේ හඬා වැටෙයි.

ජාතික ජන බලවේගයේ පිරිස ඉන්දියාවට ගොස් ලෝකයම ජයගත් ආකාරයට පුවත් මවමින් සිටියි. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවට යෑම ගැන බෙහෙවින් දුකට පත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

සජිත් ප්‍රේමදාස ඊයේ පෙරේදා දිනයක ශ්‍රී ලංකාවේ සිටින මහකොමසාරිස්ට කතා කරලා තියෙනවා.

’’මම ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක කතා බස් කරලා අපේ රටේ ඔවුන්ට ඉඩකඩ හදලා දෙන්න සූදානම් වුනා…මටත් ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික වැඩකට ආරාධනා කරන්නකෝ”

අඩුම ගානේ දඹදිව සංචාරයකට හරි මට ඉන්දියාවේ ලාංඡනේ දැම්ම ලියුමකින් ආරාධනා කරන්න කියලා සජිත් ප්‍රේමදාස තානාපතිවරයට කියලා තියෙනවා. තමන්ට නැති රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයක් රටේ ගැලරි එකට පෙන්නන්න අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ යද්දී සජිත් ප්‍රේමදාස තානාපතිතුමාට කතා කරලා අනේ මගේ පියාණන් ඉන්දීය විරෝධි වගේ එතුමගේ කාලේ වැඩ කළේ මේ රටේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ හාදයෝ ටික දාපු සෙල්ලම් හින්දා කියලා තියෙනවා.

ඇමෙරිකාවත් චීනයත් මේ වෙද්දි ලංකාවේ තමන්ගේ ආධිපත්‍ය පතුරවමින් සිටිනවා. ඉන්දියාවත් කලාපීය ආධිපත්‍ය රැකගන්න අවශ්‍ය නිසා ශ්‍රී ලංකවේ තම ආධිපත්‍ය රැක ගැනීමට තමන්ට ළං කර ගත හැකි කණ්ඩායම හොයමින් ඉන්නවා. ඒකට සුදුසු ජාත්‍යන්තරයට යන්න ජනතා විමුක්ති පෙරමුණ කියන ටොපිය එහෙම තියෙද්දි ජාතික ජන බලවේගය කියන ටොපි කොළේ වෙනස් කරපු කණ්ඩායම කියන එක ඉන්දියාව හොඳට දන්නවා.

දේශපාලනේ මුලකුරවත් නොදන්න රටේ ඉන්න ලොකුම උගතා තමන් කියලා හිතාගෙන, ඒ ගැන කියමින් ඉන්න විපක්ෂ නායකයට මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ කලාපීය බලවතා තමා සමග ඉන්න බව රටේ නූගත් අයට පෙන්නලා ඔවුන්ව චූන් කරලා ඡන්ද ගොඩ වැඩි කරගන්නයි.. අන්න ඒ නිසා මේ ටිකේ ඉන්දියාවේ ආරාධනාවක් බලෙන් හරි කරවගෙන දඹදිව සංචාරයක් හරි ගිහිල්ලා එන්න ඕන කියලා කියවා කියවා ඉන්නවාලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *