අපිත් ණය ගන්නවා. බදු වැඩි කරනවා. IMF යනවා – මාලිමා අගමැතිනිය
ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය සඳහන් කරයි.
ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලුව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙයි.
විදේශ ආයෝජන ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද පවසන ඇය එහිදී ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳව විශ්වාසනීයත්වයක් තම රජයක් යටතේ ඇති කරන බවද කියා සිටියි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වර්තමාන වැඩපිළිවෙළ සිදු කරගෙන යාමට තම ආණ්ඩුවට ද සිදුවනු ඇති බවද පවසන ඇය තමා එය තම තේරීම නොවුන ද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකළ යුතු බවත් කියා සිටියාය.
බදු ඉහළ දැමීමට තමන් එකඟ බවත් පවසන ඇය රටක් පවත්වාගෙන යාමට බඳු නැතිව නොහැකි බව ද නමුත් බදු ඉහළ දැමීමට නම් ආදායම ඉහළ දැමීමද වැදගත් බව ද පවසන්නීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කර තිබේ.