අපි ටෙලිකොම් විකුණන්නෙ නෑ. කළමනාකරණයට විදේශ ආයෝජකයෙකු කැඳවනවා..!

අපි ටෙලිකොම් විකුණන්නෙ නෑ. කළමනාකරණයට විදේශ ආයෝජකයෙකු කැඳවනවා..!

රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම සම්බන්ධයෙන් වේදිකා දෙවනත් කළේ පැරණි ජනතා විමුක්ති පෙරමුණය. දැන් ජනතා විමුක්ති පෙරමුණ නැත. රෝහණ විජේවීර ද නැත. ඇත්තේ ජාතික ජන බලවේගයයි. අනුර කුමාර දිසානායකයි. පරණ හණමිටි කරෙන් බිම දැමීමට ජාතික ජන බලවේගය ක්‍රියා කිරීම අතිශය සාධනීය තත්ත්වයකි. මේ ඒ හා සබැඳි පුවතකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් කළමනාකරණය සඳහා විදේශීය ආයෝජකයෙකු ගෙන එන බව ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ අද උදෑසන බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවාදයක් අමතමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ජාතික ජන බලවේගය විරුද්ධ නමුත්, එය කළමනාකරණය කිරීම සඳහා විදේශීය ආයෝජකයෙකු ගෙන ඒමට බලාපොරොත්තු වන බව ය.

“අපි ටෙලිකොම් ඉංජිනේරුවන් සමග සාකච්ඡා කළා. ටෙලිකොම් කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන අධි තාක්‍ෂණික කර්මාන්තයක් බැවින් එය කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් ධාරිතාවක් ටෙලිකොම් ආයතනයට නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා. එබැවින් එය කළමනාකරණය කිරීමට විදේශ ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට අපට සිදුවේවි..!”

රට සංවර්ධනය කිරීමට ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති බව පැවසූ අනුර දිසානායක, එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිපුණ මානව සම්පත් නොමැතිකම හේතුවෙන් ඔවුන්ට අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *