අපි මාලිමාවට

අපි මාලිමාවට

1987/88 සමයේ දී ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජාතික විමුක්ති අරගලයක් හරහා සමාජවාදයට මැයෙන් වූ ජවිපෙ අරගලයේ මහජන දැනුවත් කිරීම් පක්ෂය තහනම් වුවත්, වෙනත් සිවිල් සංවිධාන වල නම් වලින් රට පුරා ගම් පුරා පැවැත්වුනා ලු.

මේ රැස්වීම් වලට ගම්වල සෙනග හිටියා. ඒ රැස්වීම් වල කථා අහන්නවත් ඒ මතය පිළිගත්ත නිසාවත් නෙමෙයි ජීවිත බයට ඒ වගේම ඒකට නොගියොත් ගමේ කොන්වෙයි කියන සිතිවිල්ලට. ඒ වගේම තත්ත්වයක් දැනුත් ඇවිල්ලලු.

දැන් ගම්වල මිනිස්සු ජවිපෙ රැස්වීමට යන්නේ ඒ අය ජවිපෙ නිසාවත් කියන දේ අහන්නවත් නෙමෙයි. තමන්ගේ පවුලෙනුත් කෙනෙක් ඒ රැස්වීමට ගියා කියලා අනිත් අයට පේන්න සලස්වන්නලු.

මෙහෙම කථා වෙලා තිබුනේ ඊයේ පෙරේදා පොතක් එලිදක්වන උත්සවයකට සහභාගී වෙලා හිටපු ලංකාවේ නමගිය පත්තර වාර්ථාකරුවෝ දෙන්නෙක්.

ඒක එහෙම වුනාට Facebook එකේ කොතනත් comment වැටෙන්නේ අපි මාලිමාවට කියාය. ඒ එක comment එකකට රුපියල් 50 ක් ගෙවන බව කිව්වේ සජබ හිරුනිකාය.  බැලූ බැල්මට ඒ කථාව බොරුවක් ලෙස පෙනී යන්නේ තම පක්ෂයේ මතය වෙනුවෙන් ජීවිතය පුද කරපු මිනිස්සුන් තැනූ පක්ෂයකට තමන් වෙනුවෙන් comment එකක් දාන්න ගෙවන්න ඕන වෙන්නේ නැති නිසාය.

එයාලා පක්ෂය කියන්නේ මොකක්ද ඒ ඕනෑ එකක් පිලිගැනීමට එකඟ වූවෝ වෙති. NPP හාදයෝ කෙසේ වෙතත් JVP හාදයෝ නම් එහෙමය.   මේ දවස්වල ඔවුන්ගේ  පක්ෂ නායකයන් කියන එකිනෙකට පරස්පර වූ කථා ඇහුව්වම දැන් එහෙම දෙකක් නැත ඉන්නේ පරණ JVP එකමයි කියා සිතෙන්නේය.

අරවින්ද සහෝදරයා සමඟ ඉන්දියාවේ ගිය NPP ආර්ථික කවුන්සිලයේ ලොක්කා වන අනිල් ජයන්ත කියන විදියට ඔවුන්ට ද IMF සරණ යෑම හැර විකල්පයක් නැත.

එහෙත් එම කවුන්සිලයේම සාමාජික සුනිල් හඳුන්නෙත්ති කියන විදියට ඔවුන් මාක්ස් – ලෙනින් ආර්ථික ප්‍රතිපත්තියෙන්  අබමල් රොනකින් වත් වෙනස් වී නැත.

මේ මොනවා කිව්වත් අපි මාලිමාවට කියා comment වැටෙන්නේය. ඡන්දද එලෙසෙම වැටෙනු ඇද්දයි යන්න  අනාගත කාරණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *