අප කී ලෙසම ෆොනී ඉවත් කිරීමට සජිත් උත්සාහ කරයි. ෆොනී වාරණ නියෝගයක් ගනී.

අප කී ලෙසම ෆොනී ඉවත් කිරීමට සජිත් උත්සාහ කරයි. ෆොනී වාරණ නියෝගයක් ගනී.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට යන බව අප මින් පෙර ඔබ හමුවේ හෙළිදරව් කළා. විශේෂයෙන් ම ෆොන්සේකා කෙරෙහි සජබය මෙහෙයවන සජිත් ජලනි ලක්ෂ්මන් ෆොන්සේකා කල්ලිය ද්වේෂයෙන් සිටින බවත්, සජිත් ප්‍රේමදාස; ෆොන්සේකාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටින බවත් දකින්නට තිබුණා.

දැන් අප හෙළිදරව් කළ කරුණු තහවුරු කරන පුවතක් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව, සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර, එම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙන බව සඳහන් වෙනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *