අලුත්ම සන්ධානයේ අලුත්ම අපේක්ෂකයා ගැන මෛත්‍රී කතා කරයි

අලුත්ම සන්ධානයේ අලුත්ම අපේක්ෂකයා ගැන මෛත්‍රී කතා කරයි

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ. පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබු අතර, එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද, තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන අතර, මෙහිදී යෝජනා 03ක් සම්මත කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

“අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. බුලත්කොළේ ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්.”

මේ අතර, අලුත් සන්ධානයෙන් අලුත්ම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරවන බවද, මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“දැන් අද අපි අලුත් සන්ධානයේ වැඩ හුඟක් දුරට ඉවරයි. නිල වශයෙන් අද හවස මේ වෙනකොට ප්‍රකාශයට පත් කරනවා රෑ වෙලා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අද බස්නාහිර පළාත් සංවිධායකවරුන් කැඳෙව්වා. ලබන දහවෙනිදා තියෙනවා පක්ෂයේ විශේෂ වැඩසටහනක්. ඒකට බස්නාහිර පළාතේ අය විතරක් කැඳෙව්වා. ඒගොල්ලන් දැනුවත් කළා. අලුතෙන් හදන සන්ධානයට.

අපි තීන්දුව අරන් ඉවරයි. තීන්දුව අරන් ඉවරයි අපි අදින් පස්සේ.

හොඳ අපේක්ෂකයෙක් එනවා. අලුත් අපේක්ෂකයෙක්. නිමල් ලන්සා ඇතුළු පිරිසත් අපිත් එක්ක ඉන්නේ ඔක්කොම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *