ආර්ථික පරිවර්තන පනතට සජබ මන්ත්‍රී පිරිසකගේ සහාය??

ආර්ථික පරිවර්තන පනතට සජබ මන්ත්‍රී පිරිසකගේ සහාය??

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික පරිවර්තන පනත නමින් පනතක් 22 වනදා පාර්ලිමේන්තුව ට ගෙන ඒමට නියමිත අතර, ඒ සම්බන්ධව විවාදයක් තබා ඡන්ද විමසීමකට යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය මැයි දින ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වෙන්නට සිටි ඇතැම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම, තවත් සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසීම මුල් කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ඉඩ ඇති බවට ද, එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ක්‍රියාවලිය පිටුපස කෑගල්ලේ සහ කලුතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කටයුතු කරන බවට ද දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *