“ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ, කාලෙන් කාලෙට කරන ඒවා එක්කයි අවුල තිබ්බෙ..!” එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් ඉවරද?
තමන්ට ඉන්දියාවත් එක්ක කවදාවත් අවුලක් තිබ්බෙ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා.
යම් යම් කාල වකවානුවලින් ඉන්දියානු රජයන් පැත්තෙන් ගනු ලැබූ තීරණත් ඊට ශ්‍රී ලංකා රජයන් දැක්වූ ප්‍රතිචාරත් තම පක්ෂයේ විවේචනයට භාජනය වූ බව තමයි ඔහු කියන්නෙ.
ජනතා විමුක්ති පෙරමුණේ ගජයා වෙච්ච, වත්මන් පොලිස් ඇමැති කුප්‍රකට ඩීල්කාර ටිරාන් අලස්ගෙ මව්බිම පත්තරේ එක්ක සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් කියලා තියෙන්නෙ යම් යම් කාල වකවානුවල ඉන්දියන් රජය පැත්තෙන් වගේම ලංකා රජයන් ගත්ත තීරණ හා ප්‍රතිචාර තමන්ගෙ විවේචනයට භාජනය වුණා කියලයි.
අනුර කියන එක පැහැදිලියි. ඒත් ජනතා විමුක්ති පෙරමුණු අධ්‍යාපනයේ පදනම වෙච්ච පන්ති පහේ එක් පන්තියක් තනිකරම වෙන් කරලා තිබ්බේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ට කියලා හැමෝම දන්නවා. එදා ඉන්දියන් ආණ්ඩුව අහිතකර දේවල් කරපු නිසා ඒක ඇතුළත් කළා කියලා නම් කියන්නෙ, අපිට අහන්න තියෙන්නෙ දැන් ඉන්දියාව එහෙම නෑ කියලා අනුරට ෂුවර් ද? කියලා තමයි.
එහෙම යම් යම් කාල වකවානුවල වෙච්චි දේවල් විවේචනය කරන්න විතරයි අපි එහෙම කළේ කියන එකම පට්ටපල් කෙබරයක්. ජනතා විමුක්ති පෙරමුණේ වැඩබැරිදාසලා ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ කියලා බෑගිරි තලලා හඳුන්වපු ක්‍රියාවලිය ඉන්දියාව නවත්වලා නෑ, කවදාවත් නවත්වන්නෙත් නෑ. ඒක තමයි දේශපාලනික ඇත්ත. ආසියානු කලාපයට විතරක් නෙමෙයි මුළු ලෝකයටම ඉන්දියාවෙ ඒ බලපෑම බිඳක්වත් වෙනස් වෙලා නෑ. අදත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජයීය ආදී හැම ක්ෂේත්රයකටම ඉන්දියාවේ බලපෑම නොඅඩුව තියෙනවා.
“එහෙම අපිට අහිතකර බලපෑමක් ආවොත් අපි බලාගඤ්ඤං” වගේ ලොරි ටෝක් එකකුත් අනුර දීලා තිබ්බා. ඒකත් අර කතාවක් තියෙන්නෙ.
“මගේ බිරිඳ හරිම නිහතමානී ය. තමන් අතින් වරදක් වූ විට ඇය එකහෙලා ම එය පිළිගනී. මා ප්‍රිය බිරිඳ අතින් තවම වරදක් සිදු වී නොමැත.” වගේ එකක්. අහිතකර බලපෑම ජනතා විමුක්ති පෙරමුණ විසින් ම නිර්වචනය කරලා දෙන තත්ත්වයක් තමයි තියෙන්නෙ.
ඒක නෙමෙයි කතාව. අද අනුර ප්රමුඛ ජවිපෙ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් අතහැර ඕනෑම දෙයක් වැළඳගැනීමේ තත්ත්වයකට පත් වෙලා ඉවරයි. අනුරලාට තියෙන එකම තර්කය “අපි කළේ නෑනෙ, අපිට දීලා බලන්ඩ” කියන විසුළු සහගත ප්‍රකාශය විතරයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය ඇතුලු පන්ති පහට සහභාගී වී ඒ තුළින් ගෙනහැර පෙන්නූ කරුණු යථාර්තයක් කරවීමට තම ජීවිතය පූජාකල රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරාල…. ඇතුලු තම පක්ෂයේ කේඩරයේ දහස් සංඛ්‍යාත පිරිසට සහ ඔවුන්ගේ පවුල්වල අයට අද ජවිපෙ පෙන්නුම් කරන්නේ කුමක්ද ?
ඔවුන්ට වැරදුන බවද ? ඔවුන් වැරදි බවද ?