උගන්ඩාවෙ මුදල් ගැන කොට්ටහච්චිගේ චෝදනාවේ සද්දෙ අඩු වුනා ද?

උගන්ඩාවෙ මුදල් ගැන කොට්ටහච්චිගේ චෝදනාවේ සද්දෙ අඩු වුනා ද?

පසුගිය රජය විසින් උගන්ඩාවේ තැන්පත් කර ඇති සොරකම් කළ වත්කම් පිළිබඳව චෝදනා කළ ජාතික ජන බලවේගයේ (NPP) නීතීඥ නිලන්ති කොට්ටහච්චි කියා සිටියේ උගන්ඩාවේ සහ රටේ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පුළුල් සන්දර්භයක් තුළ එවැනි ප්‍රකාශයක් කළ බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි.

“මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුලෙ බොහෝ අවලාදවලට, යම් යම් මඩ ප්‍රචාරවලට මම කරපු යම් යම් ප්‍රකාශයන් පාදක වුණා. මෑතකාලීන ව මට නමක් පට බැඳිලා තිබුණා ‘උගන්ඩා කුමාරි’, ‘උගන්ඩා මැණිකෙ’ කියලා, ජනාධිපතිවරණ රැලි මාලාවේ දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදී මගේ මූලික ඉලක්කය මේ රටේ නීතිය, සාමය, යුක්තිය, සාධාරණත්වය නැවත ඇති කරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා. ඒ ඉලක්කගත වෙච්ච ප්‍රතිපත්ති මාලාවේ, අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා වත්කම් ප්‍රතිෂ්ඨාපනය කරන්න ආයතනයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ලෝකයේ දියුණු රටවල්වල නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එබඳු ආයතන පිහිටුවලා තියෙනවා පාලන තන්ත්‍ර විසින් තමන්ගේ දේශය තුළ හෝ දේශයෙන් පිටත මහජනතාවගේ මුදල් අයථා විදියට පරිහරණය කරමින්, ආයෝජනය කරමින්, භාවිත කරමින් තියෙනවනම් ඒවා නැවත අත්පත් කර ගන්න පුළුවන් ආයතනයක් පිහිටුවීම. ඔන්න ඔය කොටස වේදිකාවේ දී කතා කරන මොහොතේ දී ඒ මැද කරපු එක කොටසක් තමයි උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනෙ නැද්ද කියලා අහපු ප්‍රකාශය. එතකොට ඒ ප්‍රකාශය කරන මොහොතෙත් මට පූර්ණ අවබෝධය තිබුණා තෝමස් ඩි ලාරු සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කරා. ඒක තමයි මං හිතන්නෙ සමාජය විසින් අර කථිකාවකට ලක් කර ගත්ත පුවත, හැබැයි මේක තෝමස් ඩි ලාරු සමාගම විසින් ඇනවුමකට අනුව මුද්‍රණය කරපු මුදල් රැගෙන යාමක්. නමුත් මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා, කළු සල්ලි සුදු කරපු ඒවා තියෙනවා, එතකොට ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්, අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ, එතකොට ඒ අප්‍රසිද්ධියේ කරපු මුදල් ආයෝජනවලට අදාළ ව, මුදල් රැගෙන යාම් වලට අදාළ ව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගය නෙමෙයි, ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. ඕනෑම ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙනවා ජනතාවගේ මුදල් අපයෝජනයට ලක් කරලා, අවභාවිත කරලා තියෙනවනම්, ඒවා නැවත ජනතාවට ම ලැබෙන ක්‍රමවේදයක් සකස් කරයි කියන එක. ඒක ජාතික ජන බලවේගය ද? වෙනත් දේශපාලන ව්‍යාපාරයක් ද? කියන එක නෙමෙයි මම හිතන්නෙ. මේ මොහොතෙ දි මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී අපේ ආණ්ඩුවක් යටතේ යම් විමර්ශන කටයුතු සිදු වේවි, ඒක උගන්ඩාවේ විතරක් නෙවෙයි අපේ රට ඇතුලෙ වුනත්, රටින් පිට ඕනෑම රටක වුනත් එහෙම අපේ මුදල් රැගෙන ගොස් තියෙනවා නම් සහ වෙනත් නීති විරෝධී ආකාරයකට ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට අවශ්‍ය පියවර ගන්න අපි කිසිම මොහොතක දෙපාරක් හිතන්නෙ නැහැ. ඒකට අවශ්‍ය සුදුසු පියවර නීත්‍යානුකූල පියවර ගන්න බලාපොරොත්තු වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *