උතුරේ දී  – දකුණේ දී  ජනතාව මංකොල්ල කෑ  ඒ              තොපි නෙවේද පවුකාරයිනේ !!

උතුරේ දී  – දකුණේ දී  ජනතාව මංකොල්ල කෑ  ඒ              තොපි නෙවේද පවුකාරයිනේ !!

ජාතික ජන බලවේග රජයක් යටතේ පළමු පියවර ලෙස ආදර්ශය සපයමින් නාස්තිය දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනතාවගේ සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට පවතින නීති ප්‍රකාරව හෝ නව නීති ගෙන එමින් කටයුතු කරන බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කොට තිබේ.

ඒ තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවක් අමතමිනුයි.

ඇත්තටම මේ කරන්න යන දේ අගය කළ යුතුය. 1977 න් පසුව එලෙස රටේ ජනතා ධනය කොල්ල කෑ දේශපාලන පක්ෂ සහ දේශපාලකයන් සිටි බව නොරහසකි. එම ධනය නැවත අත්පත් කර ගත හැකි නම් සහ එසේ සොරා ගත්තවුන් හඳුනාගෙන දඬුවම් දිය හැකි නම් කවුරු එය සිදු කළත් පැසසිය යුතු වේ.

නමුත් හොරුන්ට ද සාධාරණයක් විය යුතුය. අර හොරා නරක වීමටත් මේ හොරා හොඳ වීමටත් , එයාලා කලාම නරක වීමටත් අපි කළා ම හොඳ වීමටත් බැරිය.

මන්ද 1977 න් පසුව රටේ මහජන දේපල කොල්ල කෑම් වලට ආණ්ඩු බලය හෙබ වූ පක්ෂ සහ දේශපාලකයන් සේම අද මාලිමාව බවට රූපාන්තරණය වී ඇති ජනතා විමුක්ති පෙරමුණ ද ඍජුවම සම්බන්ධය.

මේ බව රජයේ වාර්ථා ඇති වුවත් ඒවා ජවිපෙට එදිරිව නගා ඇති අතිශෝක්තීන් ලෙස බැහැර කලත් ස්වාධීනව ලියැ වී ඇති ධර්මන් වික්‍රමරත්න (ජවිපෙ 2 වන කැරැල්ල සහ කොම්රේඩ් ලයනල්  කෘති දෙක ) ආදීන්ගේ පත පොත මෙන්ම ජවිපෙ හිතවාදීන් ලෙස ග්‍රන්ථකරණයේ යෙදුන ලයනල් බෝපගේ ( ඔබ නොදත් ජවිපෙ දැනගත යුතු ඉතිහාසය කෘතිය)  රෝහිත මුණසිංහ ( උපතිස්ස ගමනායක චරිතාපදාන කෘතිය ) අයගේ පත පොත වලද  මෑතක එලි දැක්වුන ගාමිණී මුතුකුමාරණ ගේ මතක ගිනි පුපුරු කෘතිය තුළ ද 1980 – 1990 අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ඍජු අනුදැනුම මත සිදුකල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල දේපල මංකොල්ලකෑම් ගැන සවිස්තරව වාර්ථා කර ඇත.

ජවිපෙ තුල මෙම මංකොල්ලයන් සිදු කිරීමට වෙනම ඒකකයක් ගොඩ නගා තිබූ බවත් බැංකු මංකොල්ලකෑම් 62 ක් සහ වැටුප් මුදල් කොල්ලකෑම් 131 ක් 1985 – 90 අතර වූ බව එම කෘති වල දැක්වේ. උදාහරණයක් ලෙස කොලඹ වැල්ලවත්ත මහජන බැංකුවෙන් 1989 පෙබරවාරි මස සිදුකල මංකොල්ල කා තිබූ රත්තරං ආබරණ වල වටිනාකම එවකට රුපියල් මිලියන 22 ක් ලෙස ගණන් බලා ඇත.

උතුරේ කොටි සාමාන්‍ය ජනතාවගේ රං ආභරණ පැහැර ගෙන තිබුන අතර යුද්ධය අවසානයේදී රාජපක්ෂවරු එම රත්තරං පිල්ලි ගැහුව්වා සේම දකුණේ සාමාන්‍ය ජනතාවගෙන් ජවිපෙ පැහැරගත් රත්‍රං සහ මුදල් ජවිපෙ ඇතැම් නායකයන් තම සුඛ විහරණය ට පිල්ලි ගසා ඇතැයි එම කෘතිවල චෝදනාත්මකව පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ඒ සඳහා චෝදනා එල්ලවී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයේ නායකයකුටය.

එමෙන්ම මෙලෙස මංකොල්ල කෑ මුදල් මෙන්ම ලංකාව තුල ඉරානයට එරෙහිව කටයුතු කිරීම මත වරින් වර ඉරාකය විසින්  විජේවීර හරහා පක්ෂයට ලබා දුන් ලක්ෂ ගණනින් වූ මුදල්ද විවිධ ජවිප නායකයන් අතට පත් කර තිබූ නමුත් ඒවා අතුරුදන් වූ බව ඉහත කෘති වල චෝදනා එල්ල කර ඇත.

එබැවින් සුනිල් හඳුන්නෙත්ති විසින් තම මව් පක්ෂය වන ජවිපෙ සහ එහි නායකයන් සිදු කල මෙවන් මහ පරිමාණ හොරකම් වංචා දූෂණ ගැනද නිසි සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන බව රටට ප්‍රකාශ කල යුතුව ඇත.
එසේ නැතිව තෝරා බේරා නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් මාලිමාව ද රටේ මෙතෙක් පැවති ආණ්ඩු වලින් වෙනස් නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *