උතුර කොටි සමරද්දී පොලිස් ඇමැතිගේ නම අමතක වූ ගම්මන්පිල!

උතුර කොටි සමරද්දී පොලිස් ඇමැතිගේ නම අමතක වූ ගම්මන්පිල!

මැයි මාසේ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් සියල්ලන්ටම ජාති භේදයකින් තොරව සතුටු වෙන්න පුළුවන් මාසයක්. ඒ වසර තිහකට අධික කාලයක් රටේ සියලුම ජනතාව ලොකු කුඩා භේදයකින් තොරව පීඩා වින්ද එල් ටී ටී ඊ එහෙම නැත්නම් කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කරලා ත්‍රස්තවාදී කල්ලි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත්වාදීන් පරාජය කළ නිසයි.

ඒත් පිරිබාහරන්ගේ ඊලම් රාජ්‍ය සිහිනය සහමුලින්ම නැති කිරීමට අදටත් හැකියාවක් ලැබී තියෙනවාද යන්න සිතා බැලිය යුතු තත්ත්වයක්.

මේ අතරේ ජීවිත අහිමි වූ කොටි ත්‍රස්තවාදීන් සිහිකර යාපනය වෙල්ලමුල්ලවයික්කාල්, වැල්ලවත්ත ආදී නොයෙකුත් ස්ථානයන්හි දමිළ ජනතාව විවිධාකාරයේ සැමරුම් කළ බව දේශපාලනයේ නිරත පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට චෝදනා කරන ආකාරය ජනමාධ්‍ය මගින් මේ රටේ පුරවැසියන්ට දැකගන්න පුළුවන් වුනා..

පහත් තැනින් වතුර ගලනවා සේ චෝදනා කළ යුතු තැනට චෝදනා කරන්නට හැමදාම වටේ යන ගම්මන්පිළ නමැති පොදු වැසිකිලි කටට අමතකව ගොස් ඇත.

මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට බව කන්න ඕන වෙලාවට කබරයා තලගොයා කරගත් උදය ගම්මන්පිළට අමතකව ගිය හැඩකි.
කොටි සැමරුම්වලට ඉඩ දුන් බවට ගම්මන්පිළ දිනේෂ් ගුණවර්ධනට දොස් කිව්වද හරිනම් එයට වගකිවයුතු වනේ පොලිස් ඇමති ටිරාන් අලස් බව කෙලින්ම කියන්නට එක්කෝ ගම්මන්පිල බය වී ඇත.එසේත් නොමැතිනම් වයසට යද්දී බොහෝ දෙනෙකුට වැළදෙන අමතකවීමේ රෝගය වන ඩිමෙන්සියා රෝගය ගම්මන්පිලට ද වැළදී ඇතිවා වන්නටද පුළුවන.

නොඑසේනම් පොලිස් ඇමති ටිරාන් අලස්ගෙන් ගම්මන්පිළ උන්නැහේට කුමන හෝ වරදාන වරප්‍රසාද ලැබෙනවා ඇත.
ඊටත් වඩා ටිරාන් අලස්ට අයත් මව්බිම පුවත්පතෙන් තමන්ට ලැබෙන ඉඩකඩ නැතිවේයැයි ඇති බය හෝ විය හැකිය.
එදා පිරිබාකරන් යුද්ධ කර දිනා ගන්නට හැදූ කොටි ඊලම අද වනවිට රටේ බලගතු මාධ්‍ය ආයතන වල හිමිකාරීත්වය ලබාගනිමින් ගම්මන්පිලලා කාලෙකට කලින් එල් ටී ටී ඊ හිතවාදීන් යැයි චෝදනා කළ පිරිස්ම කටයුතු කරමින් ඇත.
අද වනවිට ශ්‍රී ලංකාවේ ලොකුම මාධ්‍ය හිමිකාරීත්වය දරන ඒ අදාළ පුද්ගලයින් හට කිසිදු චෝදානාවක් කිරීමට ගම්මන්පිලගේ කට දිව අද නැවෙන්නේ නැත.එමෙන්ම මේවනවිට අදාළ පුද්ගලයාට මහාසංඝයාවහන්සේලාද නොයෙක්ත් වරදාන වරප්‍රසාද හේතුවන් හෝ වෙනත් පුද්ගලික අරමුණින් හෝ නොයෙකුත් පදවි නම්බු නාම ලබාදෙමින් එදා පිරිබාහරන් දුටු සිහිනයට දේශපාලනිකව යෑමට අවශ්‍ය පසුබිම සකස් කර දෙමින් ඇත.

ඒ අතරේ කොටි සැමරුම් වැනි දේට ඉඩ දෙමින් මහජන ආරක්ෂක එහෙම නැත්නම් පොලිස් අමත්‍යවරයා ටිරාන් අලස් තමාට අහිතවත් දේට පමණක් යුක්තිය ඉටු කරමින් නිද්‍රා සුවයෙන් පසුවෙද්දී ඔහුට ඇති බලයේ තරම දන්නා උදය ගම්මන්පිළ වැනි පිටකොටුවේ කක්කුස්සි; බෝලය පාස් කරන්නේ අද හෙට හිටිගමන් ගැලවෙන්න හෙලවෙමින් ඇති දත් කෑල්ලකට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *