එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!

එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාර‍යෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් පවා තරහා කරගෙනය. තමන් සමග දීර්ඝකාලීනව රැඳී සිටින පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ද කොකා පෙන්වා කුප්‍රකට රාජපක්ෂවාදියෙක් මෙන්ම, රාජපක්ෂලා සමග එක්ව හොරකම් කළ නාලක ගොඩහේවාට මහලේකම් ධුරය ලබා දීමට ද, සජිත් සූදානම් වන්නේ කෙසේ හෝ ජනාධිපති වීම සඳහා ය.

සජිත්ගේ සන්ධාන තදියමේ තවත් පියවරක් දැන් තිරගත වෙමින් තිබේ. ඒ අනුව, ජනවාරි මාසයේ එලි දක්වන්නට යැයි කියමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තම සමගි ජන බලවේග පක්ෂය තව පුද්ගල කණ්ඩායම් කීපයක් සමඟ සන්ධානගත වීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටීයී.

එහිදී හවුල්කාර පාර්ශව ලෙස එක්කර ගැනීමට බලාපොරොත්තුවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව සුලු ජාතික පක්ෂ නියෝජනය කරන රවූෆ් හකීම් , මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන් වැනි අය තම අප්‍රසාදය පල කර ඇත. මෙහිදී ඔවුන් විශේෂයෙන්ම පෙන්වා දී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන් වඳ කල බවට වෛද්‍ය ෂාෆි සහාබ්ඩීන්ට බොරු චෝදනා නගමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලීමට පාර කැපූ චන්න ජයසුමන වැනි අයත් උදය ගම්මන්පිල වැනි අන්ත ජාතිවාදී අයවත් සන්ධානයකට එකතු කර ගැනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව ය. එසේ කරන තත්ත්වයක් මත සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් තමන්ට තම ජනතාවට මුහුණ දිය නොහැකි බව ද ඔවුහු අවධාරණය කරති.

මේ ආකාරයෙන් ජී.එල්. ලා ගොඩහේවලා මුදුනේ තබාගෙන සජිත් ගහන්න හදන ගේමට පක්ෂයේ ඇතුලතින් විරෝධයක් එල්ල වන අතරේ, චන්න ජයසුමන සහ උදය ගම්මන්පිල වැනි ගෝඨාභය කරේ තබාගෙන ගිය අන්තවාදීන් සමග සජිත් නටන්නට හදන නාඩගමට සජබය සමග පිටත සිට සහාය පල කරන සිංහල නොවන ජන වර්ග නියෝජනය කරන පක්ෂ තම විරෝධය සහ කළකිරීම පල කරමින් සිටියි. ජී.එල්.ට අගමැතිකමත්, ගොඩහේවාට සන්ධානයේ මහලේකම්කමත් දෙන්නට තනන සජිත් ප්‍රේමදාසට ඇතුලතින් ඊට එරෙහිව එල්ල වන කැරල්ල මැඩ පැවැත්වීමට ද නොහැකි තත්ත්වයක් තුළ, දැන් පිටතිනුත් සජිත් වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතියි.

මෙවන් අසීරු අඩියක සජිත්ගේ නායකත්වය පසුවෙද්දී, පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා තම පැරණි හාම්පුතා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ද ඇස යොමාගෙන සිටින බව පෙනේ. රනිල්ට පොහොට්ටුවේ සහයෝගය අහිමි වෙද්දී ඔහු බලන්නේ තමන්ගේ පරණ ගෝලයන් ටික සජබයෙන් කඩා එජාපය වෙත එක් කර ගැනීමට ය. එමගින් එජාපය ශක්තිමත් කොට ඉදිරි මැතිවරණ ජය ගැනීම රනිල්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා අමාත්‍ය ධුර කිහිපයක පරිත්‍යාගය රනිල්ට ඒ තරම් දෙයක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *