එක හිත නැති චන්න ඇමැති රොෂාන්ගේ කාර්‍යාලයටත් රිංගයි

එක හිත නැති චන්න ඇමැති රොෂාන්ගේ කාර්‍යාලයටත් රිංගයි

මෙතනින් චන්න ජයසුමන මහා විලි ලැජ්ජා නැති වැඩක් කරලා තියෙනවා.

ඔහු ඊයේ රොෂාන් රණසිංහගේ නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී දැක ගන්න ලැබුණා.

රොෂාන් රණසිංහ ඇතුළු පිරිස සජිත්ලා රනිල්ලා අනුරලා නැති නව පුළුල් සන්ධානයකට ලෑස්ති වෙද්දි, සජිත්ව හොයාගෙන ගිය චන්න ජයසුමන ඒ අස්සටත් රිංගන්න අරං තියෙන්නෙ එක හිතකින් එක තැනක ඉන්න බැරි නිසා බවයි පේන්නෙ.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහිකිරීමට උත්සාහ ගන්නා රොෂාන් රණසිංහගේ නව දේශපාලන කාර්යාල විවෘත කලේ කොළඹ ගංගොඩවිල ප්‍රදේශයේ යි.

ඇත්තටම මේ අලුත් සන්ධානයක් ද නැත්නම් හදන සන්ධානකට එක්වීමට ගන්නා උත්සාහයක්දැයි තවම දැනගන්නට නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *