එයා ඉන්නවා නම් – මම අයින් වෙනවා! සජබ මතුමහලේ ගින්න පහළ කාමර වලට ද පැතිරේ !!

එයා ඉන්නවා නම් – මම අයින් වෙනවා! සජබ මතුමහලේ ගින්න පහළ කාමර වලට ද පැතිරේ !!

දැන් මේ මතු මහලේ අවුල පහළට ද ගලා යමින් ඇත. හොඳම කෙහෙවලු පටලවා ගැනීම වාර්තා වන්නේ කළුතරින් වුවත් එහි එක් පාර්ශ්වයකට කෙහෙවලු තියා කෙස් ගසක්වත් නැත.

ජගත් විතානව මෙන්ම ප්‍රසන්න අමරසේකරව ද, කළුතරින් දේශපාලන කරලියට රැගෙන එන්නේ රාජිත සේනාරත්න ය. නමුත් දැන් මේ ගුරු ගෝල සබඳතා නැත. ඒ ගැන පුදුම නොවිය යුත්තේ  ගුරුන්ට කෙලවන මූසිලයෝ එදාට වඩා අද සුලබ නිසාය. මේ දෙන්නා ම විසිකරන්න තරම් සල්ලි තියෙන ව්‍යාපාරිකයන් වූ නිසාම දේශපාලනයට පිවිස ඒ මුදල් හයියෙන්ම සජබ ආසන සංවිධායකවරු වී ඇත. ජගත් මතුගම වන අතර, ප්‍රසන්න බුලත්සිංහල ය. 
මේ දෙදෙනා සහ  රාජිත, අජිත් පී. පෙරේරා යන සිව් දෙනා අතරම සීතල යුද්ධයක් කළුතර පුරා පවතියි.

සජිත් ප්‍රේමදාස සම්බන්ධ වන රැස්වීමක සංවිධාන කටයුතු අරබයා මතුවුන සිදුවීමකින් මෙම ගැටුම පුපුරා ගොස් ඇත. එහිදී ප්‍රසන්න අමරසේකර විසින් අජිත් සහ ජගත් දෙදෙනාටම හොඳ හැටි අමතා ඇති අතර, පසුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ද, ඔහු තම විවේචනය රටට කීවේය.  එය සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවකින් රට පුරා ගියේය.

සජිත් සිටියේ මේ කිසිවක් නෑසූ කණිනි.  නමුත් එය නොඉවසූ සල්ලි ගහක් වූ ජගත් විතාන සජබ යෙන් ඉවත් වන බව මහ ලේකම් රංජිත්ට දැනුම් දී ඇත. තමන්ට දිගටම සජබයේ රැඳෙන්නට නම් ප්‍රසන්න අමරසේකර ව පක්ෂයෙන් ඉවත් කරන ලෙස ද, ජගත් විතාන කොන්දේසියක්ද දමා ඇත.

මාධ්‍ය හමුවෙන් පසු ප්‍රසන්න අමරසේකර හොංකොං බලා පිටත්ව ගොස් ඇති අතර සිද්ධිය සමථයකට පත් කරන්නට රංජිත් මද්දුමබණ්ඩාර මැදිහත්වී ඇතත් , ප්‍රසන්න හෝ ජගත් යහපත් ප්‍රතිචාර දක්වා නැත.

ආරංචි විදියට ප්‍රසන්න නැවත ලංකාවට එන්නේ දේශපාලන කරණමකට අවශ්‍ය කාරණා කටයුතු එකලාසයක් කරගෙනය.  ඔහුගේ ලඟම හිතවත්තු ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඒවා සාර්ථක වූ විට ඔහු මෙරටට පැමිණෙනු ඇත.

මේ ආකාරයට සජබ මතු මහලේ ගින්න පහළ කාමර පමණක් නොව කුස්සි දක්වාද පැතිරෙමින් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *