ඔන්න විපක්‍ෂනායකතුමෝ, අනුර කුමාර මහත්තයෝ කරනව නම් වැඩ.

ඔන්න විපක්‍ෂනායකතුමෝ, අනුර කුමාර මහත්තයෝ කරනව නම් වැඩ.

අද මව්බිම පුවත්පතේ අටවන පිටුව සජිත් ප්‍රේමදාස මහතාගේ සහ අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කරමු.

එම පුවත සාරාංශයක් ලෙස කිවහොත් ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන දේශපාලනය පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති සමුළුවේ පළමු පේළියේ වාඩිවී සිටින ආරාධිත අමුත්තකු වනුයේ වර්තමාන නිලයක් දරන ඉහල පොලිස් නිලධාරියෙකි. නිලය දරමින් දේශපාලන පක්ෂයක රැස්වීමක ඉදිරිපෙළ අසුනේ සිය නිල ඇඳුමෙන් ම වාඩි වී සිටීම තුළ පොලීසිය දෙන පණිවිඩයත් මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා රටට දෙන පණිවිඩයත් කුමක්ද ?

මේ ගැන අනාගතයේ රට භාර ගන්නට ඉන්න රටේ විපක්ෂ නායක ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකත් විමල් වීරවංශ උදය ගම්මංපිල ඩලස් ආදී පක්ෂ නායකයින් කියන්නේ කුමක්ද?

මේ ගැන අවධියෙන් සිටිමු. මේ හොරා පොලිස් ඇමති කැබිනට් අමාත්‍යධූරය මෙලෙස අවභාවිතාවට ගනිද්දී රටේ මාධ්‍ය සිවිල් සංවිධාන වල අවධානය යොමු කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *