“කංචන ඉන්නෙ මහින්ද එක්කද රනිල් එක්කද?” මහින්ද ප්‍රතිව්‍යුහගතකරණය එපා කියලා නෑ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය නවතන ලෙස හෝ කල් දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව සිදුකරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම කල් දමන ලෙස ඉල්ලා නැජැ. රාජ්‍ය ව්‍යවසාය විකිණීම කල් දමන ලෙස පමණක් ඉල්ලා තිබෙනවා. විදුලිබල මණ්ඩලය විකිණීමේ අදහසක් අපට නැහැ. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යනවා,” විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි..
අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම නතර කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යැවූ ලිපියක් පිළිබඳ විමසමිනි.
“විජේසේකර ඇමතිතුමා ඉන්නේ ජනාධිපති වික්‍රමසිංහ එක්කද මහින්ද රාජපක්ෂ එක්කද කියලා අපි දැනගන්න කැමතියි,” කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙහිදී විමසා සිටියේය.