කතරගම දෙවි රන් තැටිය වෙළෙඳසලක. කපු දූවරු මරාගනී..!

කතරගම දෙවි රන් තැටිය වෙළෙඳසලක. කපු දූවරු මරාගනී..!

ආන්දෝලනයට තුඩු දුන් කතරගම මහ දේවාලයෙන් අතුරුදන් වූ බව කියන පවුම් 38 ක බරකින් යුත් රන්තැටිය හම්බන්තොට ව්‍යාපාරිකයකුට විකුණා තිබියදී ප්‍රධාන කපුවාගේ දියණියක් යැයි කියන අයකු රුපියල් ලක්ෂ 70කට එය මිල දී ගත් බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි කතරගමින් වාර්තා වේ. මෙම රන්තැටිය ප්‍රධාන කපුවාගේ දියණියක විසින් හම්බන්තොට ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 50 කට මීට පෙර විකුණා ඇතැයි ද, ආරංචි මාර්ග සඳහන් කළේය.

බොහෝ දුරට මෙම රන්තැටිය හමුවීමත් සමග සැකකාර ප්‍රධාන කපුවා අද (27දා) දින නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමට යන බව ද එම ආරංචි මාර්ග පවසයි.

කතරගම වැසියන් පැවැසුවේ මෙම රන්තැටියේ සිද්ධියට කපු මහතාගේ පවුලේ දරුවන් දෙපිලකට බෙදී, පවුලේ දියණියන් දේපළ සටනක් කරගෙන ඇති බවය.

පසුගිය සෙනසුරාදා කතරගම පොලිසිය වෙත ගොස් ඇති බාල දියණියන් දෙදෙනකු හා මුණුපුරකු වන කපුවකු විසින් ප්‍රධාන කපුවාගේ අතුරුදන්වීම ගැන පවුලේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට චෝදනා කරමින් කතරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

තම පියා ඉකුත් 8 දා වැඩිමහල් සොයුරියගේ නිවසට ගිය පසු අතුරුදන්ව සිටින බවත්, ඔවුන්ගෙන් පියා ගැන විමසුමත් පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවත් බාල දියණියන් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් බව කතරගම පොලිසිය පැවැසීය.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රධාන කපුවා සඟවාගෙන සිටි බවට චෝදනා එල්ල වූ වැඩිමහල් දියණියගේ සැමියා වන හිටපු වනජීවි සහකාර අධ්‍යක්ෂවරයකු කතරගම පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බව පොලිසිය කියයි.

එහිදී ප්‍රධාන කපුවා සඟවා තබාගත් බවට කියන චෝදනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රන්තැටියේ අර්බුදය සේරිවාණිජ ජාතකයේ රන්තැටියේ කතාව මෙන් ඇදී යන බවත්, කතරගමට එන බැතිමතුන් කපුවන්ට පලතුරු වට්ටියේ පඬුරුදීම ප්‍රතික්ෂේප කර දේවාලයේ අරමුදලට ආධාර දීම හොඳ ප්‍රවණතාවක් බවත් කතරගම ප්‍රදේශවාසීහු හා රාජ්‍ය නිලධාරීහු පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *