කරුණා සමගියට එක්වෙද්දී තලතා ඉවත් වෙයි. කරුට ඉඩක්

කරුණා සමගියට එක්වෙද්දී තලතා ඉවත් වෙයි. කරුට ඉඩක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) නිල වශයෙන් විපක්ෂය සමග එක් වුනේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු මින් පෙර අකුරැස්ස ජන හමුවේ දී සජිත් ප්‍රේමදාසට සහාය පලකරමින් එම වේදිකාවට ගොඩ විය.

සමගි ජන බලවේගයෙන් එසේ එක් මන්ත්‍රීවරයෙකු ඉවත් වද්දී, සමගි ජන බලවේගයේ ප්‍රබල කාන්තා චරිතයක් වූ තලතා අතුකෝරල මන්ත්‍රීවරිය තම මන්ත්‍රී ධුරයෙන් සමුගත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය ගොඩ නගමින් දේශපාලන සිය දිවි නසා ගැනීමකට මුල පිරූ බව ප්‍රකාශ කරමිනි.

කෙසේවෙතත්, තලතා මේ සැරසෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, තලතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී ධුරය හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන කරු පරණවිතානට හිමි වීමට නියමිතය. ඒ සමගි ජන බලවේගය රත්නපුර මනාප ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා ඇත්තේ ඔහු වන නිසා ය. කරු මේ වන විට පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ජනරජ පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීමට ගිවිසුම්ගත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *