ක්‍රිකට් නඩුවෙන් ෂම්මි දිනුම්. රොෂාන්ට උන් හිටි තැන් නැතිවෙයි

ක්‍රිකට් නඩුවෙන් ෂම්මි දිනුම්. රොෂාන්ට උන් හිටි තැන් නැතිවෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ වන පෙත්සම් විභාගය අවසන් කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය.

නමුත් ඉදිරියේ දී සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් ඇතිවුවොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදීමට ද නියෝග කළේය.

රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණේ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු පිරිසකි.

කෙසේ වෙතත් නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් අදාළ අතුරු කමිටුව අත්හිටුවීමට කටයුතු කර ඇත.

ක්‍රිකට් පාලනය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය උත්සන්නම තත්ත්වයට පත් වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රොෂාන් රණසිංහ දරන ලද අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *