කැනඩාවට ගිය ලංකාවේ විපක්ෂ නායක..

කැනඩාවට ගිය ලංකාවේ විපක්ෂ නායක..

ලංකාවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුනාට කැනඩාවට එහෙම නැතිය.

ඔවුන් ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුනාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායකව ය.

මේ අනුර කුමාර දිසානායක ගේ කැනඩා සංචාරය තුල එරට පල වූ පුවත් පත් වාර්තාවක ඒ බව සනාථ කරමින් අනුර කුමාර දිසානායකව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුන්වා තිබූ අයුරු ය.

ඉන්දියාව ද මෑතකදී අනුරට රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ලබා දුන්නේ ඔවුන් ද, ලංකාවේ විපක්ෂ නායක ලෙස පිළිගන්නේ අනුර කුමාර දිසානායක නිසාද?

ආරංචි විදියට ඉල්ලීම් පිට ඉල්ලීම් කළත් ඉන්දියාව සජිත් ප්‍රේමදාසට ඉන්දියානු සංචාරයකට අවස්ථාව දී නැත. ආසන්නතම සජිත්ගේ ඉල්ලීමට පිළිතුරු දී ඇති ඉන්දියාව කියා ඇත්තේ “මේ දවස්වල අපේ ඡන්දෙනේ, ඒක ඉවර වෙලා මැයි වල විතර බලමු” කියලාය .

ඒත් කැනඩා පුවත්පත් වාර්තාවේ ඇත්තම කථාව කැනඩාවේ ජවිපෙ රැස්වීම් සංවිධානය කළ NPP නොවන 88/89 දී රටින් පලා ගිය ජවිපෙ කාඩර් සහෝදරවරු අනුර ආ පුවත වාර්තා කරන්නට ගිය වැන්කුවර් රැස්වීම තිබ්බ තැනට ගෙන්වා ගත් එරට පුවත්පත් වාර්තා කරුවෙකුට අනුරව හඳුන්වා දී ඇත්තේ ඔහු ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස වීම ය.

ලංකාවේ තතු සොයා නොබැලූ වාර්තාකරු ඉහත ඡයාරූපයේ ආකාරයට අනුර කුමාර ව විපක්ෂ නායක ලෙස ම හඳුන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *