කැසිනෝ බදු වංචාකාර කුණු ධම්මික පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා!
ඉදිරි ජනාධිපතිවරණයේ දී ‘පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
රාජපක්ෂලා හරහා ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළටම පැමිණි ධම්මික පෙරේරා මුලදී ‘කැසිනෝ ධම්මික’ නමින් ප්‍රකට වුවත්, පසුව ප්‍රසිද්ධ වූයේ ‘කුණු ධම්මික’ යන නමිනි.
ජනතා අරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමට පෙර, හිටපු මුදල් අමාත්‍ය, ගෝඨාගේ බාල සොයුරු බැසිල් තම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, ඒ සඳහා අනුප්‍රාප්තිකයා වූයේ මේ කියන ‘කුණු ධම්මික’ ය.
කැසිනෝ ව්‍යාපාරයෙන් උපයා ගත් මුදල් සඳහා ගෙවිය යුතු ව තිබූ ගෙවීම් පැහැර හැර තිබුණු රුපියල් මිලියන 1150 ක බදු මුදල්, ගෙවා දමන ලෙස එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ එම මුදල් ගෙවා දමන්නට ද ධම්මික පෙරේරාට සිදු වූයේ මින් වසරකට පමණ පෙර දී ය. ලංකාවේ මහජනයාට ඕනෑම දෙයක් ඉක්මණින් අමතක වී යන නිසා මෙය අපට මතක් කිරීමට සිදු විය.
ඉන්පසු ධම්මික පෙරේරා දුක දිනා ජයගන්නා හැටි, ලංකාව දියුණු කිරීම වෙනුවෙන් අලුත් තාක්ෂණය යොදාගන්නා හැටි ගැන දේශන පැවැත්වීම ආරම්භ කරන ලදී. විශේෂයෙන් ලංකාවේ තරුණ පරපුර අතර රට හැදීමේ විශේෂ හැකියාවක් ධම්මික පෙරේරා සතුව ඇති බවට මතයක් පැතිරීම වෙනුවෙන් ධම්මික පෙරේරා විශේෂයෙන් මැදිහත්විය. එසේම රතුපස්වලදී පිරිසිඳු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තැබුවේ ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීමට බව ලොකුවට කරළියට පැමිණියේ නැත.
ධම්මික මීළඟට එන්නේ කුණු කන්ටේනරයක් සමග ය. ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහයට අයත් සමාගමක් සායනික අපද්‍රවය ඇතුළු අපද්‍රවය කන්ටේනර් ගණනක් මෙරටට ගෙනැවිත් ඇති බව හෙළිවීමෙන් අනතුරුවයි. ඉන් පසු ධම්මික පෙරේරාට ‘කුණු ධම්මික’ නමින් නමක් පටබැඳුනි.
ගෝඨාභයගේ කාලයේ ධම්මික පෙරේරා පාලකයන් සමඟ ඩීල් දමා පිටරටින් ටයිල් ගෙන ඒම සීමා කර තමන්ගේ ව්‍යාපාර හරහා කෝටි ගණන් ලාභ ලැබූ බව රහසක් නොවේ. ඔහුගේ අලුත්ම සෙල්ලම වූවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවීමයි. පසුගිය කොවිඩ් සමයේ ඒ බව පැහැදිලිව පෙනුණි.
මෑතක දී ඔහු ජනාධිපතිවරයා සමඟ හමුවකට එක්වෙමින් රට වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගැනීමට ඩොලර් ගෙන හැටි ගැන ‘ටෝක්ස්’ දෙනු ප්‍රධාන මාධ්‍ය සියල්ලක් වාර්තා කර තිබුණි.
මේ ධම්මික ගැන ටිකක් කෙටියෙන්
ධම්මිකගෙ කින්ස්බරි එක ඉස්සරහ මල් පාත්තිය රතුපාට මල් වලින් පිරිල තියෙන්නෙ, එයාගෙ ටයි,සපත්තු සහ කොම්පැනි ලෝගෝ සේරම රතු වෙන්නෙ එයාගෙ වාසනාවන්තම පාට රතු කියල එයා විශ්වාස කරන නිසා, රාහුකාලෙට පෝන් එකවත් නොගන්න, අසුභ ඉලක්කම් සහිත මගීන් ගානක් යන වාහනේක නොයන ධම්මික පෙරේරා කියන්නෙ පැනි ධම්මිකල , ඥානඅක්කල වපුරන මිත්‍යාව ඉහමුදුනින් විශ්වාස කරන බයියෙක්.
ජැක්පොට් ව්‍යාපාරය යොදාගෙන විවෘත ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ගෙ සාක්කුවලට ආපු අතිරික්ත මුදල් ලේසියෙන් තමන්ගෙ සාක්කුවට දාගත්ත ධම්මික ඒ මුදල් යෙදෙව්වෙ මූල්යව්යාපාරයෙ සහ සමාජයට ශාරීරිකව අනතුරුදායක නිසා වෙනත් රටවල් නොකරන ව්‍යාපාර වලට, මේවයෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය වැඩියි.
මේ විදිහට උපය ගන්න ධනය සංචාරක, ගුවන්සේවා, අධ්‍යාපන වගේ සේවා සම්ප්‍රදායික ආනයන අපනයන් කර්මාන්ත විශාල ප්‍රමානයක එකවර යෙදීමෙන් මෙවන් ව්‍යාපාරිකයන් අනෙක් ව්‍යාපාරිකයන් නොලබන විශේෂ ලාභයක් ලබනව. ඒ එක් ව්‍යාපාරයක අපනයන අනෙක් ව්‍යාපාරයේ ආනයන සමග ගලපමින් නීත්‍යානුකූල ලෙස උන්ඩියල් කිරීමෙන්.
මේක ජාවාරමක් ලෙස කියල හදුන්වන්නත් පුලුවන් දක්ෂතාවය කියල හදුන්වන්නත් පුලුවන්.
ඉලක්කම් සූදුවක් කියල කියන්නත් පුලුවන්, අල්ගොරිදම් ගැන තියන සෙන්ස් එක කියල කියන්නත් පුලුවන්.
රාජපක්ෂලා ධම්මික කැදවන්නේ night watchman කෙනෙකු ලෙසිනි. එනම් මෙතෙක් විවිධ ඩීල් දමමින් බැසිල් ගෙවාගෙන ගිය නෙලුම් මාවත පේරෝල් එක ඉදිරිකාලයට ගෙවීම, එලබෙන අමාරු මැතිවරණ වියදම් දැරීම සහ විසිරීයන පොහොට්ටු බලවේග රදවා ගැනීම වෙනුවෙනි.
ධම්මික මේ කුනාටු සමය තුල හැපී, තැලී, කැඩි, බිදී යන අතර විවේකීව සිය පවුලේ කටයුතු නිමකර, අමාරුකාලය අඩු වියදමින්, අඩු වෙහෙසින් ගෙවා, ඊලග අධියරට අලුත් සටන්පාඨයක් සමග ඊලග රාජපක්ෂ වරයා රැගෙන ඒමට හැකිවෙතැයි රාජපක්ෂලා සිතයි.
එහෙත් රාජපක්ෂ කදවුරේ සිටි සෙසු ලුම්පන් ව්‍යාපාරික ජාලය එවන් විවේක කාලයකට සූදානම්ද, ඔවුන්ට ඇති හොදම තේරීම අපේ එකෙක් වන ධම්මික නොවේද? එවැනි එකතුවකින් රාජපක්ෂලා යයි පැමිනීමේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසීයාමටද ඉඩ ඇත.