කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි?

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි?

ඔහු ප්‍රකාශ කළේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට තුට්ටු දෙකට විකිණීමට රජය සූදානම් වන බවයි.

මේ වන විට අමුල් සමාගමක් අදාළ ඉඩම් හඳුනා ගැනීම සඳහා පැමිණ සිටින බව ද, මෙම කටයුත්ත වහා නතර කරන ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඒ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගිය පසුව ය.

අනුර ඉන්දියාවට ගොස් ආවායින් පසු කියන්නේ මෙහෙම ය.

‘අමුල්’ ආදර්ශමත් සමුපකාර ක්‍රමයක්.. ‘අමුල්’ ගැන චිත්‍රපටයක් ජවිපෙ සාමාජිකයන්ට පෙන්නුවා..”

අමුල් සමාගම ගැන ජනතා විමුක්ති පෙරමුණේ සැර බාල වන්නේ එසේ ය. ඒ කෙසේදයත්, කෙසේ කීව ද අනුර තමන් වෙතට කැඳවූ ඉන්දියාව ඇන්න ටොක්කේ බරපතලකම අහිංසක ජවිපෙ කාඩරයන්ට නම් කෙසේවත් නොතේරේ.

“හා කමක් නෑ, අපි NPP” කියන්නේ ඒ නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *