කියන්නත් ලජ්ජයි. ලංකාවට තියෙන්නෙ සොච්චම් ණයක්. මේකත් ණයක් ද?

කියන්නත් ලජ්ජයි. ලංකාවට තියෙන්නෙ සොච්චම් ණයක්. මේකත් ණයක් ද?

2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඉතාම සොච්චම් ණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් නීතිඥ හමුව අමතමිනි.

“2022 දෙසැම්බර් තිහට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිදින 41යි. කියන්න එපා අපිට මේ ඩොලර් බිලියන හතළිස් එකක් ගෙවා ගන්න බෑ කියලා. ඒක ණයක් නෙවෙයි. ඒක ණයක් වෙන්නේ කොහොමද.”

“වියට්නාමය 2023 අවුරුද්දේ විතරක් සෘජු ආයෝජන ඩොලර් බිලියන 23යි. අපට ගෙවා ගන්න බෑ කියලා කෙඳිරි ගාන ණය ඩොලර් බිලියන 41යි. ඒක ණයක්ද.”

අපිට ණය ගෙවා ගන්න බෑ කියලා කියමු. ගාණ කියන් නැතිව. මේක සොච්චං ණයක්”

අනුර කුමාර දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *