
කුප්‍රකට බැංකු පොලුකාර රාඩා අලස්ගෙන් අමාත්‍යාංශය ගලවනවාට ජවිපෙ කිපේ!
ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනෙක වත්මන් පොලිස් ඇමැති ටිරාන් අලස් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පල නොවූවා මෙන්ම, ටිරාන්ගේ ‘මව්බිම’ පුවත්පතෙන් අනුර කුමාර දිසානායක අරබයා විශේෂ සහයෝගයක් ලබා දෙන බව අපි මින් පෙර පෙන්වා දුන්නෙමු. එමෙන්ම ටිරාන් අලස් ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වංචාකාරී ලෙස ණය ලබා ගැනීම ගැනත්, පැන්ඩෝරා පේපර්ස්වල ඔහුගේ නම සඳහන් වීම ගැනත්, දූෂණය ගැන මහත් ලොකුවට කතා කරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘මුඛ පූට්ටු’ වී බලා සිටින ආකාරයත් අපි සාක්ෂි සහිතව මින් පෙර හෙළිදරව් කළෙමු. ඊට කිසිදු වගකිවයුතු ජවිපෙ නායකයෙක් ප්‍රතිචාර නොදැක්වූ අතර, ‘අපිට ඕන අයට විතරයි අපි ගහන්නේ’ යනුවෙන් බොළඳ කතාවක් අනුර විසින් කියා තිබිණ. ඇත්ත වශයෙන් ම ඔවුනට උවමනා අයට ගහන බව ඇත්ත ය. ටිරාන් වැනි කුප්‍රකට වංචාකරුවෙකුට ගැසීමේ උවමනාවක් ජවිපෙට නැත. ජවිපෙට සහාය දක්වන බිම් මට්ටමේ අය කියන්නේ නම් මෙවැනි පුවත් ‘රනිල්ට කියා බලාගන්න’ කියාය. අපිට එහෙම රනිල් හෝ වෙන දේශපාලකයෙක් එක්ක පයිරුපාසානමක් නැති නිසා එහෙම කීමේ උවමනාවක් නැත. එහෙත් අනුරලාගේ කයිවාරුව දෙපිටින් යන්නේ ටිරාන් ලා ගැන කියද්දී බව පැහැදිලි ය.
දැන් අද කතාවට පිවිසෙමු. ටිරාන්ගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඔහුගෙන් ගලවන්න රනිල්ට උවමනා වී තිබේ. ඒ ගැන වඩාත් ම කිපී තිබෙන්නේ ජවිපෙ ය. ජවිපෙ වෙබ් අඩවිය වන ‘ලංකා ටෲත්’ එය අර්ථ දක්වා තිබෙන්නේ ‘ගෝඨා පැන ගිය පාරේම රනිල් ගමන ඉක්මන් කර ගැනීමක්’ ලෙස ය. ටිරාන්ගෙන් අමාත්‍යාංශය ගැලවීම ගැන ජවිපෙ හිතේ අමාරුව අපට හිතා ගත හැකි ය. ඒත් ‘අනේ එයාලා එහෙම නෑ’ කියා හිත හදාගන්න ජවිපෙ සාමාජිකයන් ගැන නම් අපට හිතා ගත නොහැකිය. අනෙක් සියළුම පක්ෂවල ඉන්නේ වහලුන් ය. ඒත් ජවිපෙ පාක්ෂිකයන්ගේ තත්ත්වය මේක ය.
ජවිපෙ සහ අලස් අතර පයිරුපාසානම ප්‍රසිද්ධියේ පිළිගෙන ‘ඇයි මොකක්ද ප්‍රශ්නෙ? අපි ඩීල් එකක ඉන්නවා තමයි’ කියා පිළිගන්නට තරම් කොන්දක් ඔය කිසි ජවිපෙ නායකයෙකුට නැති තත්ත්වයක් තුළ ‘අපි ගහන්නෙ අපිට ඕන අයට’ කියන්නටවත් අනුරට කොන්දක් තිබීම ගැන සතුටු ය.
ආණ්ඩුවේ සියළු ඇමැතිවරු සහ මන්ත්‍රීවරු ‘එක වල්ලේ පොල්’ නම් ටිරාන් අලස්ගෙන් අමාත්‍යාංශය ගලවා වෙන එකෙකුට දීම ගැන ජවිපෙට ඇති මේ තරම් ලොකු රුදාව මොකක්දැයි මතක් වන විට තතු දන්නා අයට සිනා පහළ වෙයි. ‘ආදරෙයි කැස්සයි හංගන්න බෑ’ කියන්නේ ඒ නිසා ය.