කෙම්මුර දවස්වල මට බෑ !! පාර දෙපස  මල් හිටවපු එකාට දෙවැනි නැති කටින් බතල හිටවන ඩබල !!!

කෙම්මුර දවස්වල මට බෑ !! පාර දෙපස  මල් හිටවපු එකාට දෙවැනි නැති කටින් බතල හිටවන ඩබල !!!

මාලිමාවේ  ” විසඳුමත් ”    සජබ  ” උත්තරයත් ”  අතර විවාදය ගැන විවාදය දැන් ටික කාලෙක සිට රටේ දේශපාලන සමාජය තුළ තොරොම්බල් වන මාතෘකාවක් බවට පත්ව ඇත.

ජනාධිපති රනිල් විසින් ජවිපෙට සහ සජබට ඇට වූ කෙමනක් ලෙස ඇතැමුන් හඳුන්වන මේ විවාදය කෙරෙන එකක් නොවන වග මේ වන විට රට්ටුන්ට නම් හොඳටම තේරී ඇත.

සමහරු නම් කියන්නේ මේකට හේතුව මාලිමාවේ විසඳුම හෝ සජබ උත්තර ය කෙසේ වෙතත් වාද කරන්නට තරම් අනුර හෝ සජිත් ලංකාවේ දේශපාලන ආර්ථිකයේ දිග පලල තියා අඩු තරමේ අර්බුදයවත් නිසි ලෙස හඳුනාගෙන නැති බවයි.

ඒ කියන එකත් ඇත්තක් යැයි පෙනී යන්නේ මේ දෙන්නා කරන දේවල් සහ වේදිකා වල මයික් පැලෙන්න කියන කථා ඇසූ විටය.

ලංකාව ගොඩ දාන එක ගැන පිටරට ගොස් සිහින දකින උන්දැලාට දේශන තියන්න ලංකාවේ ඉන්න දේශපාලකයන් මෙන්ම  ලංකාව හදන එක ගැන උපදෙස් දෙන්න ඒ රට වල සිටින ලාංකික අයත් ඉතා දක්ෂය,  දක්ෂකමකට වඩා ආසය.

අනුර කුමාර දිසානායක දැන් ඒ ආසාව ඉෂ්ඨ කර ගෙන සිටින අතර , නමුත් ඒ කථා තුල ඔලොක්කු සහ අපහාස හැරුන විට රටේ දේශපාලන ආර්ථිකය ගැන කිසිවක් තිබුනේ නැත.

සජිත් ප්‍රේමදාස තමන්ගේ ඒ ආසාව ඉෂ්ඨ කර ගන්න ඇමරිකා ගමනක් ලක ලැහැස්ති කරගෙන සිටිය නමුත් අනුරගෙන් බැට කෑ ඇමරිකන් ලාංකිකයෝ සජිත්ගේ බණ ඇසීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම අවස්ථාව කඩාකප්පල් විය.

මෙහෙම රට හදන්න තනි තනිව පෝඩියම් වලට මුවා වී මුව හමට තඩි බාන අනුර – සජිත් දෙබෑයන් මුහුණට මුහුණ ඒ වැඩේ ගැන කථා කරන්න ට බිය වන්නේ තම නොහැකියාව හෙලිදරව් වීම නිසා හැර අනෙකක් නිසා නොව .

අලුතින්ම මේ විවාදය තුල වූයේ අනුරට පුලුවන් දින කියා ටිකක් නම් කිරීමය.  ඒ දින වල සජිත් ට බැරි බව සජිත් හැරෙන තැපෑලෙන් කියා ඇත.
අනිත් පසට මෙය සිදු උනත් ප්‍රතිපලයේ වෙනසක් සිදු නොවනු ඇත.
පලමුව සජිත් දින දුන්නා නම් අනුරද අනිත් අතට එම දින වල බැහැ කියනු නොඅනුමානය.

ජනතාව මේවා දිහා බලා එකක් තේරුම් ගත යුතුය.
පාර දෙපැත්තේ මල් වැවූ එකෙකු ජනාධිපති කර එක සැරයක් හොඳම එකෙන් ඇන ගත්තා මෙන් මෙවරද සිටින්නේ කටින් බතල හිටවන ඩබලක් අතරින් එකෙකු තෝරා ගෙන ඇන ගැනීමට ඉතා ආසන්නයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *