කෙහෙලියට විශේෂ වරප්‍රසාද, ප්‍රවාහනයට දරුවන්ගේ බස් රථයක්.!
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කාන්තා රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය සඳහා යුනිසෙෆ් ආයතනය පරිත්‍යාග කළ බස් රථයකින් අධිකරණයට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් වේ.
මෙම බස් රථය කාන්තා රැඳවියන්ගේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් භාවිත කළ යුතු බවට යුනිසෙෆ් ආයතනය නියම කර තිබියදීත් බන්ධනාගාර බලධාරීන් කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.
කෙහෙලිය රඹුක්වැල්ල සමඟ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් පිරිසක් බන්ධනාගාර බස් රථයක් යොදාගෙන ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ. එහෙත් රඹුක්වැල්ලට මෙවැනි විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නේ මන්දැයි ප්‍රශ්න කෙරේ.