කෙහෙලිය රටින් පනින්න පෙර විදෙස් ගමන් තහනමක් ඕනෙ! දැනටමත් පැනලා දැයි සැකයි

කෙහෙලිය රටින් පනින්න පෙර විදෙස් ගමන් තහනමක් ඕනෙ! දැනටමත් පැනලා දැයි සැකයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි.

හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව ඉල්ලා සිටියි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුට ගැනීමෙන් හැර මේ මෙම ප්‍රශ්නය නොවිසඳෙන බවත්, මීට අදාළ මහ මොලකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර සඳහන් කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මේ වන විට විදේශගත වී ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

එනිසා හැකි ඉක්මනින් ඒ මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගත යුතු බව රහස් පොලිසියට දැනුම් දුන් බවද ඔහු පැවසීය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව පවසන්නේ කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මේ වන විට සූදානමක් නැති නමුත් ඉරියේදී විමර්ශන මෙහෙයවන ආකාරය අනුව අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම හෝ අදාළ නීති ක්‍රියාමාර්ග ගැනුණු ඇති බවත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *