කෙහෙළිය අත්අඩංගුවට ගන්න..!
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.
එන්නත් වංචාවට සම්බන්ධ ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීම තවදුරටත් ප්‍රමාණ කරන්නේ කුමන හේතුවක් මතදැයි එහි සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත ප්‍රශ්න කරයි.