කොටි සැකකරුගේ මළ ගෙදර ජවිපෙ චන්ද්‍රසේකරන්!

කොටි සැකකරුගේ මළ ගෙදර ජවිපෙ චන්ද්‍රසේකරන්!

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ඝාන්ධි ඝාතනය කරන්නේ එල්.ටී.ටී.ඊ ය විසිනි.

2022 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් කරන ලද වරදකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු වන සාන්තන් 2024 පෙබරවාරි මාසයේ අග උදෑසනක චෙන්නායි හි රෝහලක දී මිය ගියේය.

ශ්‍රී ලාංකිකයෙකු වන සාන්තන් හෙවත් ටී සුතේන්ද්‍රරාජා වසර 20කට වැඩි කාලයක් සිරගතව සිටි අතර, ඔහු නිදහස් වීමෙන් පසු තිරුචිරපල්ලි මධ්‍යම බන්ධනාගාරය අසල විශේෂ කඳවුරේ රඳවා සිටියේය.

සාන්තන්ගේ දේහය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට ගෙනැවිත් අවසාන කටයුතු සිදු කිරීමට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ පැරණි සගයන් කටයුතු කර තිබේ.

ඊට ශ්‍රී ලාංකික දේශපාලකයන් දෙදෙනෙක් ද සහභාගී වී තිබෙන බව වාර්තා වේ. එක් අයෙක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (පසුගිය දා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන්, අධිකරණ ක්‍රියාදාමයක් නිසා ඉවත් වූ) ශ්‍රී ධරන් ය. ඔහු මීට සහභාගී වීමේ අරුමයක් නැත. මන්ද ඔහු දිගු කාලයක පටන් කොටි සංවිධානයට පක්ෂ, දෙමළ ජාතිකවාදී මතයක සිටි පුද්ගලයෙකු වන නිසා ය.

අරුමය නම් අනෙක් පුද්ගලයා ය. ඔහු නමින් රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. හෙතෙම ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ නායකයෙකි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පවා තේරී පත් වූ රාමලිංගම් චන්ද්‍රසේකරන්, වර්තමානයේ ද ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *