කෝප් කමිටුවේ සභාපති ‘රත්තරං’

කෝප් කමිටුවේ සභාපති ‘රත්තරං’

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නැවත පත් වී තිබේ. මින් පෙර එහි සභාපති ධුරය දරන ලද්දේ ද, අලගියවන්න මහතා විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, සිවඥානම් ශ්‍රීධරන්, හෙක්ටර් අප්පුහාමි, එම්. උදයකුමාර්, වීරසුමන වීරසිංහ, හරිනි අමරසූරිය යන අය ද කෝපා කමිටුවට නම් කර තිබේ.

මේ අතර, මෙවර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කළ පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් ව තිබේ. ඒ අනුව, පොදු ව්‍යාපාර කාරක සභාවේ (COPE) සභාපති ධුරයට පත්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *