කෝප් ජවුසම !! රෝහිත ගැන තියෙන ලජ්ජාව ගොඩහේවා ගැන නැත්තේ ඇයි?
කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන පත් කලේ යැයි කියමින් එම කමිටු සාමාජිකයින් දස දෙනෙකු පමණම මේ වන විට ඉන් ඉල්ලා අස් වී ඇත.
හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ රෝහිත අබේගුණවර්ධන වැනි දූෂණ, වංචා, හොරකම් වලට චෝදනා ලැබූවෙකු යටතේ දූෂණ වංචා සෙවීමටම පත්කල පාර්ලිමේන්තු කමිටුවක ඉන්නට බැරි බවය.
රත්තරං යනුවෙන් කලුතර දී හඳුන්වන රෝහිත අබේගුණවර්ධන ට එලෙස චෝදනා ඇති බව ප්‍රසිද්ධ කරුණකි.
මේ කථාව ඒ ගැන නොවේ.
මෙලෙස රෝහිත නිසා ඉවත් වෙන වා යැයි කියා කමිටුවෙන් ඉවත් වූ සජබ මන්ත්‍රීවරුන් ගැනය.
එනම් ඉරාන් වික්‍රමරත්න, හේෂා විතාන සහ මරික්කාර් යන තිදෙනා ගැනය.
නාලක ගොඩහේවාත් මන්ත්‍රීවරයෙකි. ගමන පටන් ගත්තේ ගෝඨාභය ගේ වියත් මගෙනි. පසුව ගෝඨාභය රජයේ අමාත්‍ය ධූරයක්ද දැරීය.
ඒ දවස්වල සිටම රෝහිත අබේගුණවර්ධන ට මෙන්ම වංචා ,දූෂණ සහ හොරකම් සම්බන්ධ චෝදනා මෙම නාලක ගොඩහේවාටද ඇත.
දැන් මේ නාලක ගොඩහේවාව, විපක්ෂ නායක සජිත් සජබයට වද්දා ගත්තේය. ඒ කිරෙන් නාවා නොවේ. ඒ චෝදනා එලෙසම ඔහුගේ නමින් ඇත.
නමුත් රෝහිතට හොරා කියා කෝප් එකෙන් එලියට ආ සජබ මන්ත්‍රීවරුන් තිදෙනා සජබයට ආ හොරෙක් ලෙස රෝහිත ලෙසම හංවඩු ගැසී ඇති නාලක ගොඩහේවා ගැන මීක් ගාන්නේ නැත.
විරෝධය පා සජබෙන් ඉවත්වන්නේ ද නැත.
මේ හැම එකක්ම ජනතාවට පේන්න, ලකුණු දාගන්න කරන රඟපෑම් පමණි.