ගුවන් සේවකයින්ගේ ප්‍රශ්න වලට තග දමා පැන යන සිරිපාල

ගුවන් සේවකයින්ගේ ප්‍රශ්න වලට තග දමා පැන යන සිරිපාල

ඒ හමුවේදී ඉදිරි කාලය තුළදී සංචාරකයින් වැඩි ප්‍රමාණයක් රටට එන බවද, ඒ නිසා ගුවන් සේවා සමාගමේ සේවකයින් හට අසනීප නිවාඩු සහ පවුලේ අයෙකුගේ මරණයක් වැනි අවස්ථාවකදී හැර නිවාඩු ලබා ගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෘත්තීය සමිති නායකයින් හට දැනුම් දී තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටම බිම්මට්ටමේ මෙහෙයුම් කටයුතු ද කරගෙන යාමට ඉඩ දීම ප්‍රශ්න ඇතිව ඇති බවත් එය නිසි ලෙස බෙදා තිබුනේ නම් සභාපතිවරයාට වෘත්තිය සමිති නායකයින් ට චෝදනා කිරීමට ඉඩ නොලැබෙන බව නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පොඩි ගුවන් සමාගමක් බවත් එය කටාර් එයාර්වේස් හෝ එමිරේට්ස් ගුවන් ආයතන සේ සේවාදායකයින් හට පහසුකම් සැලසිය නොහැකි බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

තුර්කි ගුවන් සේවයේ මෙහෙයුම් සඳහා ඔවුන්ට නවීම පහසුකම් ඇති ගුවන් යානා සියයක් පමණ ඇති බවටත් අපගේ රටේ ඇත්තේ ගුවන් යානා 17ක් වගේ පොඩි ප්‍රමාණයක් බවද අමාත්‍යවරයා පවසා තිබේ. ඒ නිසා තුර්කි ගුවන් සේවය සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පහසුකම් සැලසිය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කොට තිබේ.
අදාළ මිලට වැඩිය වැඩි මිලක් ගෙවා ගුවන් යානා සේවය සඳහා ගෙන ඇත්තේ දේශපාලන අධිකාරිය බවත් , ශ්‍රී ලන්කන් ආයතනය ලාභදායි ආයතනයක් බවට පත්කර ගැනීමට වෘත්තිය සමිති හයක්ම එකතුව කටයුතු කළ බවත් තම වැටුප් පවා මාස හයක් තිස්සේ ලබා නොගත් බවත් රටේ ගුවන් සේවය විනාශ කලේ දේශපාලකයින් බවත් වෘත්තිය සමිති විසින් චෝදනා කොට ඇත.

ඊට අදාළ තොරතුරු හර්ෂ ද සිල්වාගෙන් සහ චරිත හේරත්ගෙන් ලබා ගත හැකි බව ද ඔවුන් පෙන්වා දී අතර ගුවන් සේවය වැරදි කළමනාකරණය සහ වෘත්තීය සමිති කිහිපයක් ද, වගකිව යුතු බවත් තමා දේශපාලන මැදිහත් වීමක් කිසි විටෙක සිදු නොකළ බවත් අතීතයේ වූ දේ ඔවුන් සමග කතා කරන ලෙසත් ප්‍රකාශ කොට මාධ්‍ය හමුවෙන් නැගිට පිටව යන අතර එහිදී වෘත්තිය සමිති නායකයෙක් අමාත්‍යවරයා පිටව යෑම වැරදි දෙයක් බව පවසමින් ඒ ගැන ප්‍රශ්න කොට ඇත.

ඔයාලා කියන විදියට මම රැස්වීම් කරන්න කැමති නෑ.., අවශ්‍යනම් වෙනම සාකච්ඡාවක් ගන්න ., කියන්න තියෙන දෙයක් මාධ්‍ය ඉන්නවනේ ඒ ගැන එයාලත් එක්ක කතා කරගන්න මම යනවා යනුවෙන් පවසමින් අමාත්‍යවරයා ඒ හමුවෙන් පිටව යන ආකාරය එහි සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල ද සටහන් වී ඇත.

රැස්ව සිටි පිරිස අමාත්‍යවරයා සමග සාකච්ඡාව දිගටම කරගෙන යෑම සඳහා කොතෙකුත් උත්සාහ දැරුව ද ඒ ස්ථානයේ සිටි පිරිස ගැන වගේ වගෙක් නොමැතිව එහි රැස්ව සිටින පිරිසට තර්ජනය කරමින් අමාත්‍යවරයා වාඩිවී සිටි අසුනෙන් නැගිට ඒ ස්ථානයෙන් පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *