ගොඩහේවාට යට වුන සජබ යේ පළමු කැපිල්ල හර්ෂට ! එරාන්, කබීර් පෝලිමේ

ගොඩහේවාට යට වුන සජබ යේ පළමු කැපිල්ල හර්ෂට ! එරාන්, කබීර් පෝලිමේ

හර්ෂ ද සිල්වාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කළ යුත්තේ හර්ෂගෙන් බවත්, හර්ෂ ද සිල්වාට රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හොද වූවාට තමන් ලිබරල් ප්‍රතිපත්ති වලට අකමැති බවත් මරික්කාර් අවධාරණය කරයි.
රාජ්‍ය ආයතන සියල්ලක්ම විකිණිම තමන් පිළිනොගන්නා බවත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් සමගි ජන බලවේගය විසින් පිළිගන්නා බවත්, මරික්කාර් ප්‍රකාශ කළේ යූ ටියුබ් සංවාදයකට එක්වෙමිනි.

මින් පෙර අප අවධාරණය කළ පරිදි සමගි ජන බලවේගයේ සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා ‘ත්‍රී ඉඩියට්ස්’ කණ්ඩායම හර්ෂ ද සිල්වා වැනි පුද්ගලයන් පවසන කිසිදු දෙයක් ගණන් නොගන්නා බව මරික්කාර්ගේ මේ ප්‍රකාශයෙන් පෙනී යයි.

සජිත් ප්‍රේමදාස තමන්ගේ අභ්‍යන්තර whatsapp group වල ගොඩහේවා තමයි සජබ වෙන්න මුදල් ඇමති කියලා පුවතක් පලවුන වෙලාවේ – “නෑ ඕවා ටොම් පච , මම සජිත් ප්‍රේමදාස ” යනුවෙන් පැවසුවද, මේ මරික්කාර් කියන කතාවෙන් තවදුරටත් ඔප්පුවෙන්නේ හර්ෂලා එරාන්ලා කබීර්ලා වැනි පුද්ගලයන්ට තවදුරටත් සමගි ජන බලවේගයේ ඉඩක් නොමැති බව ය. හර්ෂ ද සිල්වා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන්ගේ ‘හොරු ඇතුලට ගන්නෑ’ යන ප්‍රකාශයන් පුස්සක් බවට පත්වන බව අප කී ලෙසම සැබෑ වී තිබේ.

හර්ෂ ද සිල්වා කී ලෙස ම සමගි ජන බලවේගය දූෂිතයන් හා සන්ධානගත නොවන්නේ මය යන්න ඇත්තක් නම්, නාලක ගොඩහේවා වැන්නෙකුට ඉහළ තනතුරක් ලබා දෙනවා තබා, සන්ධානයක් පැත්ත පළාතේවත්, වද්දාගන්නේ නැත.

හර්ෂට උවමනාව තිබ්බාට සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හර්ෂලාට උවමනා හැටියට නොවේ. කොටින්ම ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකාට ඕන විදියටය. සජිත් ප්‍රේමදාස හැසිරෙන්නේ ද, ඒ දෙපළ කියන හැටියටය. සජිත්ටත් ඕනෑ කෙසේ හෝ ජනාධිපති වීමටය. ඒ වෙනුවෙන්, නාලක ගොඩහේවා නම් හොරා මතු ද, නොව හොරාගේ පියා වන මහින්ද රාජපක්ෂ සමග වුව සන්ධානගත වන්නට සජිත් පැකිලෙන්නේ නැත.

සජිත් ප්‍රේමදාසගේ සුවච කීකරු ගෝලයෙක් වන මරික්කාර්ගෙන් පිටවන්නේ සජිත්ගේ එම හඬ ය.

අපගේ නිගමනය සනාථ කරමින් සජිත්ගේ හිතවතෙකු වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක දැන් කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය ඕනෑම පුද්ගලයෙකු සමග සන්ධානගත වීමට සජිත් ප්‍රේමදාසට අවසරය ලබා දී ඇති බවය. තමන්ගේ ප්‍රතිපත්තියට එකඟ නම් ඕනෑම පුද්ගලයෙකු සමග එක් වීමට සජිත්ට අවසර දුන් බව කියන අත්තනායක යළිත් වරක් හර්ෂ ද සිල්වාගේ කණ හරහා පහරක් දෙමින් කියා සිටියේ, අම්බ හොරෙක් සමග වුවත් එක්වීමට සජිත් සූදානම් බව නොවේද?

මේ අතර, එරන්ද ගිනිගේ මෙවන් ප්‍රකාශයක් කළේය.

ගොඩහේවා කළේ මරු වැඩක්. සජබය හදන්න මුල් වුණු හර්ෂ සහ එරාන් දෙන්නටම එක ගලෙන් ගහලා සජිත්ගේ මුදල් ඇමති වීම මරු වැඩක්. ගොඩහේවට හොඳට පුළුවන් අනෙකාගේ දුර්වලතාවයන් හඳුනාගෙන එතනට ඇණේ ගහන්න. අනෙක් අයව කපලා ඉස්සරහට යන්න. ගොඩහේවා කියන්නේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී සහ තණ්හාධික චරිතයක්. එයාට ඕනා කෙටිම කාලයකින් ගහේ මුදුනටම නැගලා පෙන්වන්න. එහෙම නගිද්දී තමන්ට අත දුන්න මිනිහට පයින් ගහලා බිමට දැමීම ගොඩහේවාට සුළු දෙයක්”

ගිනිගේ පොහොට්ටුකාරයෙක් වුවද, කියා ඇති කතාවේ සත්‍යතාවක් ඇති බව මරික්කාර්ලාගේ තිස්ස අත්තනායකලාගේ ප්‍රකාශවලින් මෙන් ම, සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ දේශපාල හැසිරීම අනුව පැහැදිලි වේ. හර්ෂ ද සිල්වා දැන් එළිපිටම සජබයෙන් ප්‍රතික්ෂේප වී තිබේ. දැන් එම ඉරණම සඳහා සූදානම් විය යුත්තේ එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් වැනි සජබ ජ්‍යෙෂ්ඨයන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *