‘ගොඩ හෑ’ දූෂිතයා ළඟ තබාගෙන ලයිට් රේල් වේ යළි ගෙන ඒමක් ගැන දොඩවන වි.නා.ස ප්‍රේමදාස..!

‘ගොඩ හෑ’ දූෂිතයා ළඟ තබාගෙන ලයිට් රේල් වේ යළි ගෙන ඒමක් ගැන දොඩවන වි.නා.ස ප්‍රේමදාස..!

ජපාන විදේශ ඇමැති හයෂින් යෝෂිමාසා සහ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමුවූ අතර (JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකා ජනරජයටත් එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පිරිනැමූ බව ද වාර්තා වුණා.

එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අත්වැල් බැඳගැනීමට බලාසිටින බව ආවධාරණය කර තිබුණා.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කිරීමට මූල්‍ය අතහිත ලබා දී තිබුණේ ජපානය විසින්. රට බේරාගැනීම සඳහා පැමිණි ගෝඨාභය රාජපක්ෂ විසින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමුවේ ජපානයෙන් කොමිස් ගහන්නට බැරි නිසා බව මුළු ලංකාව ම දැන සිටියා. ඊට විවිධ හේතු ඉදිරිපත් කර තිබුණ ද, ඒවා පල් හෑලි සහ අතේ පත්තු වන බොරු බව ඒ වන විට ද හෙළිදරව් වී තිබූ අතර, සැහැල්ලු දුම්රිය වෙනුවට කොමිස් කුට්ටි කඩා ගත හැකි චීන ව්‍යාපෘතියකට අත ගසන්නට ද ගෝඨා රජය උත්සාහ ගත්තා. අදාළ ව්‍යාපෘතිය වළක්වාලීම සඳහා සෑහෙන වැඩ කටයුත්තක් සිදු කළ පොහොට්ටු රජයේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ නාලක ගොඩහේවා ද අද ඉන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග වීම දෛවයේ සරදමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *