චම්පික පත් නොකළේ ඇයි? සජබ ඇතුලේ සජිත්ට විරෝධයක්..!

චම්පික පත් නොකළේ ඇයි? සජබ ඇතුලේ සජිත්ට විරෝධයක්..!

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇති බවත්, ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නම ඉදිරිපත් කර ඇති බවත් ඊයේ වාර්තා විය. එමෙන්ම, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකය. කථානායකවරයා විසින් කරන ලද නිවේදනයට අනුව ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැත.

අපි පෙර ඉදිරිපත් කළ ලිපියෙන් නාලක ගොඩහේවා යනු කවරෙක්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළෙමු. නාලක ගොඩහේවා පත් කරන්නට යන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ක්‍රියාකාරී සභිකයෙක් වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවකය. සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතා විදේශගත වූ කාල වකවානුව තුළ රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ද, සභාපතිවරයා විසින් කටයුතු කළේය. එය එක් පැත්තකින් නාලක ගොඩහේවා ලොකු කරගෙන හර්ෂව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ද සැළකිය හැක්කේ සමගි ජන බලවේගය තුළ ගොඩහේවාට ඉඩ හදාදීමේ කටයුත්ත මේ වනවිටත් ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා විසින් භාරගෙන ඇති බැවිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සභිකයන් තෝරාගැනීම සඳහා විපක්ෂයට පවතින කෝටාව වෙනුවෙන් පාඨලී චම්පික රණවකගේ නම ඉවත් කොට සමගි ජන බලවේගය වෙත අලුතින් එක් වූ දූෂණ චෝදනා සහිත ගොඩහේවා පත් කරන ලද්දේ රණවක මහතා කෙරෙහි පවතින පෞද්ගලික විරසකයක් පිරිමැසීම සඳහා ද යන්න සැකයක් පවතින බව ඊයේ සමාජ මාධ්‍යයේ සහ වෙබ් අඩවිවල කතාබහට ලක්විය. මින් පෙර ද, පාඨලී චම්පික රණවකට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙන තත්ත්වයක් ද පවතින බව වාර්තා කර තිබේ.

අනෙක් අතට, පාඨලී චම්පික රණවක විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව මගින් රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් කිහිප ගුණයකින් ඉහළ නංවාලීමට හැකියාව ලැබූ බව එම ආයතනවල ආදායම් වාර්තා මගින් පසුගියදා පෙන්වා දී තිබිණ. එසේ සාර්ථකත්වයක් පෙන්නුම් කළ රණවක මන්ත්‍රීවරයා නම් නොකර, ගොඩහේවා වැනි දූෂණයට නම් දැරූ පුද්ගලයෙකු නම් කිරීම හරහා විපක්ෂ නායකවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැටළුවක් බව සමාජ මාධ්‍යය පුරා කතාබහට ලක්ව තිබේ. මෙවන් විපක්ෂ නායකයෙක් රටකට අවශ්‍ය ද යන්න ගැටළුවකි. බරපතලම ගැටළුව වන්නේ සජිත් ප්‍රේමදාස මීළඟ රාජ්‍ය නායකයා බවට පත් කරවීමට තරම් සුදුස්සෙක් ද යන්න ය.

ඊයේ රාත්‍රියේ මේ සම්බන්ධව සමගි ජන බලවේගයේ ප්‍රධානීන් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් මෙම පත්කිරීම සම්බන්ධව සජිත් ප්‍රේමදාසව දැඩිව විවේචනය කර ඇත.

චම්පික රණවකව ක්‍රම සහ විධි කාරක සභාවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක බලතල ප්‍රකාරව නම් නොකිරීම, සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අප්‍රසාදය පලවීමත් සමඟ ඒ පිළිබඳ තීරණය ගැනීම එකතැන නතර වී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *