චමින්ද ඉල්ලා අස්වෙනවාට මිලියන 100 ක්? ජලනිගේ ඥාතියා පාර්ලිමේන්තුවට.

චමින්ද ඉල්ලා අස්වෙනවාට මිලියන 100 ක්? ජලනිගේ ඥාතියා පාර්ලිමේන්තුවට.

ඕනෑම විවාහක පුද්ගලයෙකුගෙන් ඔබ ඔබගේ නිවස තුළ කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය නැගුවොත් ‘’මචං වයිෆ් කියන විදියටනේ කියලා නොකිව්වොත් ඒ ගැන ටිකක් සිතිය යුතු කාරණයක්.

දේශපාලන ලෝකය තුළ මේ දිනවල අමුතු දේ සිදුවෙමින් පවතිනවා…දියවන්නාවෙන් ගොඩ ආ කිඹූලෙක් දිහා මිනිසුන් කිහිප දෙනෙකු බලාගෙන සිටියදී එතනින් ගමන් කරමින් සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුනු චමින්ද විජේසිරිත් ඒ දැක එතනට ගිය බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කොට තිබුණා.

ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඒ කිඹුලා කෑව නම් හොදයි කියලා මිනිස්සු හිතන්න ඇති කියලාත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබුණා. තම දුවා දරුවන් ගැන බැලීමට ඇති නිසාත් දේශපාලනය දූෂිත ගඳ ගහන තැනක් නිසාත් තමන් ඉවත් වන බව චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළා. ඒත් ඔහුගේ ආදායම් තත්ත්වය නම් අද එකපාරටම වැඩි වෙලා ඇති. මොකද අද එක පාරටම ඉල්ලා අස්වෙනවට චමින්ද විජේසිරි මහතාට මිලියන එකක් දෙකක් නෙවෙයි මිලියන 100ක්ම ලැබුණා කියන එක ප්‍රසිද්ධියේ චමින්ද විජේසිරි මහතාට ප්‍රකාශ කරන්න හැකියාවක් නැති බව මේ රටේ පුරවැසියොත් දන්නා කාරණයක්. තමන්ගේ මන්ත්‍රී ධූරය නයන වාසලතිලක වෙනුවෙන් කැප කළ බව වැල් වටාරම් නැතුව උත්තරීතර පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා නම් කොතරම් අපූරුද.? ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නව හිමිකරු ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු විදියට කටයුතු කරන නයන වාසලතිලක මහතා බව ඔහුගේ පැටිකිරිය ගැන හොයලා බලද්දි ඕනෑම අයෙකුට සොයා ගන්න පුළුවන්. ඒ වගේම මලිබු කැරවැන්ස් කැම්බලිෆීල්ඩ් කියන සමාගමේ හිමිකරුත් නයන වාසලතිලකමයි.

ඒ වගේම නයන වාසලතිලක සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව ජලනි ප්‍රෙමදාස මහත්මියගේ ඥාතියෙක් බව ද අපට වාර්තා වේ.

මේ වෙද්දී සමගි ජන බලවේගය පාලනය කරනුයේ එහි නායක සජිත් ප්‍රේමදාසද එසේ නොමැතිනම් ඔහුගේ ආර්යාව ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා ද කියා සමගි ජන බලවේගයට සම්බන්ධ බොහෝ දෙනෙක් තැන් තැන් වල අප්‍රසිද්ධියේ කතා බස් කරන බව නම් තවම එහි නායකවරයා නොදන්නවා වන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *