‘චීන අනුර’ට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් අමෙරිකාව සොයයි..!

‘චීන අනුර’ට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් අමෙරිකාව සොයයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කිරීමේ අමෙරිකන් සූදානමක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය තුළ නායකයා සහ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද රනිල් – සජිත් දෙපළ වෙන්වන්නේ සජිත් සමගි ජන බලවේගය ගොඩ නගා ගෙන එජාපයෙන් ඉවත් වීමත් සමග ය. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම පක්ෂ දෙක අතර වැඩි වෙනසක් ද නොමැති බැවින්, ශ්‍රී ලංකාවේ දී මේ දෙදෙනා එකතු කිරීමේ පළමු උත්සාහය දරන ලද්දේ අමෙරිකානු තානාපතිනී ජූලි චංග් විසිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අගමැති බවට පත් වීමට සජිත් ප්‍රේමදාස එකඟ නොවූ බැවින් මෙම මුල් වටයේ උත්සාහය පරාජය විය. එහෙත් අමෙරිකාව තවමත් මෙම උත්සාහය අතහැර නැත. දැන් අමෙරිකාව තවත් වටයකින් එම උත්සාහය දරමින් සිටියි. ඒ අනුව, අමෙරිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ බිරිඳ එසේත් නොමැති නම් සමගි ජන බලවේගය සත්‍ය වශයෙන් ම පාලනය කරන ජලනි ප්‍රේමදාස ‘ආර්යාව’ සහ ලක්ෂ්මන් ෆොන්සේකා සමග කතා බහ කර තිබේ. නමුත් ඉදිරි ජනාධිපති ආර්යාව බවට පත් වීමට දත කට මැදගෙන ඉන්නා ජලනි ප්‍රේමදාස ඊට එකඟ වී නොමැත.

කෙසේවෙතත්, අමෙරිකාව උත්සාහ දරන්නේ කෙසේ හෝ තවත් අවුරුදු 5 ක් රනිල් වික්‍රමසිංහ බලයේ රඳවා තබා ගැනීමට ය. ඒ එම ක්‍රියාවලිය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය හරහා මතු වන චීන බලපෑම ඈත් කොට තබා ගැනීමට ය.

චීනයේ බලපෑම් කුණාටුව දැන් දකුණු ආසියාව හරහා තදින් හමා යන අතර, දැන් දැන් මැතිවරණ සඳහා ද ඔවුන්ගේ මැදිහත් වීම පෙන්නුම් කරයි. මින් පෙර ඔවුන් සිදු කළේ බලය ලබා ගන්නා පාර්ශවයට දොලපිදේනි දෙමින් ළං වීමය. නමුත් ඔවුන් තම strategy එක දැන් වෙනස් කොට තිබේ. හොඳම උදාහරණය මාලදිවයිනයි. චීනය මාලදිවයින් ජනාධිපතිවරණයට සෘජුව මැදිහත් වූ අතර, ඔවුන් ඉන්දීය සහාය ලබන අපේක්ෂකයාට විරුද්ධව එලිපිටම කටයුතු කළේය. එහි ප්‍රචාරක ව්‍යාපෘතිය සැළසුම් කරන ලද්දේ කොළඹ බෞද්ධාලෝක මාවත කාර්යාලයේ සිට ය. දැන් චීනය ශ්‍රී ලංකාවට ද මැදිහත් වෙමින් සිටියි. ඒ ජනතා විමුක්ති පෙරමුණ හරහා ය. මෙය ඉන්දියාවට මෙන් ම අමෙරිකාවට ද, විශාල අවුලකි. ඔවුන් මුහුණ දෙන බරපතලම අභියෝගය වන්නේ චීන අනුරට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් එලි දැක්වීමට නොහැකි වීමය. රනිල් සහ සජිත් යන දෙදෙනාට තනි තනිව මෙය සිදු කළ නොහැක්කක් බව අමෙරිකාවට වැටහී තිබේ.

චීන අනුරට මුහුණ දීම සඳහා අමෙරිකාවට රනිල් හෝ සජිත් නොවන අපේක්ෂකයෙක් අවශ්‍ය වන අතර, ඔවුන් මේ වන විට ඒ සඳහා කටයුතු පටන් ගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *