ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තිස්සකුට්ටිත් සජබට.. ජීඑල් අගමැති, ගොඩහේවා මහලේකම්. මද්දුමබණ්ඩාරට මල පනී!

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තිස්සකුට්ටිත් සජබට.. ජීඑල් අගමැති, ගොඩහේවා මහලේකම්. මද්දුමබණ්ඩාරට මල පනී!

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර, මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර, රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඩලස් අලහප්පෙරුම ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්, යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවය. එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත.

නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා නාවල පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ කඩිනමින්ම එක්විය යුතු බව මහාචාර්ය ජීඑල් පීරිස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිවු දෙනා ළඟදීම සජිත් පිල සමඟ එක්වීමට නියමිතව ඇත.
නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි.

මේ අතර, ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ කුප්‍රකට රාජපක්ෂවාදීන් වන ජානක තිස්සකුට්ටි ආරච්චි ඇතුළු පිරිසක් ද, සමගි ජන බලවේගය සමග එක් වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. තිස්ස්කුට්ටි ආරච්චි පසුගිය දා පැවැති පොහොට්ටු සමුළුවට සහභාගී වූයේ ද දැඩි ජනතා විරෝධය හමුවේ වීම විශේෂත්වයකි. කොටින්ම මොහු දැන් තදබල පොහොට්ටුකාරයන්ටවත් දිරවන්නේ නැත. මොකා හෝ එක්ක එකතු වී ආණ්ඩුවක් හදන්න යත්න දරන සජිත්, ජීඑල් වැනි ඩීල්කාරයෙකුට අගමැතිකම දෙන්නට පොරොන්දු වී ඇතුවා පමණක් නොව, තිස්සකුට්ටි වැනි ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ පුද්ගලයන් ද තම කණ්ඩායම වෙත එක් කර ගැනීමට උත්සාහ දැරීම සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය පල කරන ප්‍රගතිශීලී ජනතාවක් ඇත්නම්, ඔවුනගේ ද සිත රිදවන්නක් බව නොකිවමනා ය.

එමෙන්ම, නිදහස ජනතා සභාව සමග සජිත්ගේ සමගි ජන බලවේග සුළුතර කණ්ඩායම ඇති කර ගැනීමට යන මේ එකඟතාව හේතුවෙන් ජීඑල්ට අගමැතිකමත්, නාලක ගොඩහේවාට මහලේකම් ධුරයත් ලබා දීමට යන තත්ත්වයක් තුළ ලක්ෂ්මන් කිරිඇල්ලට අමතරව දැනට සජබ මහලේකම් ධුරය දරන උග්‍ර ප්‍රේමදාසවාදියෙකු වූ රංජිත් මද්දුම බණ්ඩාර වැන්නන් ද, කළකිරීමට පත් වී තිබේ. විශේෂයෙන් ම සජිත්ගේ ප්‍රමුඛ උපදේශකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනි ප්‍රේමදාස මේ සඳහා සෘජුව මැදිහත් වෙමින් සමගි ජන බලවේගය අභ්‍යන්තරය ගිනි අවුලමින් සිටීම මේ වන විට පෙනෙන්නට තිබෙන කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *