ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා සහ රාජපක්ෂවාදීන් හුරතල් කරන රනිල් ලැජ්ජ නැතුව ජනාධිපතිවරණෙටත් එනව ද?

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා සහ රාජපක්ෂවාදීන් හුරතල් කරන රනිල් ලැජ්ජ නැතුව ජනාධිපතිවරණෙටත් එනව ද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නේ රාජපක්ෂලාට පින් සිද්ධ වන්නට ය. වික්‍රමසිංහ රාජපක්ෂ දෙබෑයෝ කොහොමත් ඉස්සර ඉඳන් ගජ යාළුවෝ ය. හැමදාම දෙන්නාට දෙන්නා රස්සා කර ගනියි. රනිල්ගේ නායකත්වයට අභියෝග වන හැම අවස්ථාවක ම සිරිකොත ඉස්සරහා පාරට තාර වැටුනේ ඒ නිසා ය.

එක අතකට ගෝඨා පලවා හළ ජනතා අරගලය හමුවේ රාජපක්ෂ පවුල ආරක්ෂා කළේ රනිල් ය. රාජපක්ෂලා ඒ කෘතගුණ සැළකුවේ ජනාධිපතිකමත් දීලා ය. ඒ මදිවාට හැම දෙයක් ම කරගන්නා පොහොට්ටුවේ පාර්ලිමේන්තු බලය ද, රනිල් වික්‍රමසිංහට දුන්නේය. එසේ නිරන්තර මාරුවෙන් මාරුවට මේ දෙපළ පිට කසා ගනී.

මෑත කාලීනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුර දෙකක් ලබා දුන්නේ ය. එකක් රාජපක්ෂ වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ය. අනෙක රාජපක්ෂලාගේ නෑයෙක් වන්නට ද, ගිය ලොහාන් රත්වත්තේට ය. ලොහාන් හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේගේ පුතා ය. චන්ද්‍රිකාගේ නෑයෙක් වුවත්, අනුරුද්ධගෙන් අනතුරුව පුතාලා සෙට් වන්නේ තමන්ට වඩාත් ගැලපෙන පාදඩ රාජපක්ෂ පවුල වෙත ය. ලොහාන්ට බරපතල චෝදනා ගණනාවක් ම තිබේ. ඒත් ඒවා රනිල් නම් හිරු දුටු පිණි බිඳු මෙන් වියළී ගොස් ඇත්තේ, රාජපක්ෂලා නිසා ය. චමල්ගේ පුතා සහ ලොහාන් යනු උග්‍ර රාජපක්ෂවාදියෝ ය.

දෙන තරමක් ඇමැතිකම් සහ වරප්‍රසාද සියල්ල දෙන්නේ රාජපක්ෂලාට ය. ඒ රාජපක්ෂලා නැතුව වික්‍රමසිංහට රඳන්න බැරි නිසා ය. හැමදාම වගේ රනිල්ට අදත් සිදුව ඇත්තේ රාජපක්ෂ රෙජීමය රැකගන්නට ය. ඒක අකැමැත්තෙන් කරන දෙයක් ද නොවේ. අතීතයේ සිට එය රනිල් විසින් පවරා ගත් කාර්යයභාරයකි. ඒ බරෙන් මිදෙන්නට ද රනිල් කැමති බවක් නොපෙනේ. මේ රාජපක්ෂලා සහ රාජපක්ෂවාදීන් සියල්ල අද වන විට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබේ.

එහෙව් අයව හුරතල් කරන ජනාධිපති රනිල්, ලැජ්ජාවක් නැතුව ජනාධිපතිවරණයටත් එන බව, වටේ ඉන්න අය කියයි. එහෙත් රනිල් තවම එහෙම එකක් කියා නැත. රනිල් ජනාධිපතිවරණයට එනවා කිව්වොත්, මෑත කාලයේ ඇසූ ලොකුම විහිළුව එය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *