ජනප්‍රියම නායකයා අනුර. තව ටිකක් බලලා සජිත් දඹදිව වන්දනා ගමනක් හරි යයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම දේශපාලන නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බව නලින්ද ජයතිස්ස පවසයි.
“මේ රට බංකොලොත් කරපු, මේ රට විනාශ කරපු අපේ ජීවිත, මේ රටේ පොදු ජනතාවගේ ජීවිත නැති භංගස්ථාන කරපු උන් ටික ඔක්කෝම එකතු වෙනවා මේ ජනතා ජයග්‍රහණයට විරුද්ධව. ඒකනේ ලැජ්ජ නැතුව කියන්නේ තුන්ගොල්ලොම එකතු වෙන්න ඕනේ කියලා. ඕනේ කියනවා විතරක් නෙවෙයි, යටින් යටින් යටින් සාකච්ඡා යනවා. දැන් දවස් දෙක, තුනකට සැරයක් අපේ රටේ පත්තරවල ප්‍රධාන මාතෘකාවක් තමයි සිරිසේන ඔය චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය, බැසිල්, රනිල් ඔක්කොම එකතු වෙලා කතා කරා අහවල් තැන අහවල් තැන කියලා. අහවල් හෝටලය කතා කළා අහවලා එකේ කතා කළා. ඒගොල්ලන්ගේ සාකච්ඡා යනවා දිගටම. මේක කවදාවත් ඒගොල්ලොන්ට අදහාගන්න බැරි දෙයක්. ඒගොල්ලෝ හැමදාම හිතුවේ මොකක්ද? චන්ද්රිකාලාගෙන් මහින්දලාගෙන් බලය ගිලිහෙන කොට ආ.. ඒ කියන්නේ රනිල්ලා සජිත් අතට. ප්‍රශ්නයක් නෑ. අවුරුදු පහකට විපක්ෂය හිටියා ආයේ එන්න පුළුවන්. ඒගොල්ලො හොඳ යාලුවෝ. මොකක්වත් වෙන්නෑ. ඒගොල්ලන්ගේ අයථා ව්‍යාපාරවල ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හොරා කාපු දේපළ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒගොල්ලෝ හදාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි දැන් ඒක අනිත් පැත්තට කැරකෙන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් කැරකෙනවා.
ඔබ මෙතෙන්ට ඒකරාශි වීමෙන්ම පේන්නේ ජනමතය මොකක්ද කියන එක. මේවා තමයි බුද්ධි අංශ වාර්තා වල සඳහන් වෙන්නේ. මේවා තමයි සමීක්ෂණ වාර්තාවල සඳහන් වෙන්නේ. දැන් සමීක්ෂණ කරන්නේ අපි නෙමෙයි. සමීක්ෂණ කරන්නේ මේ රටේ පිළිගත්තු ආයතන. ඒ අය අතර දෙන සමීක්ෂණ වාර්තාවල විශ්වාසය වට්ටන්න සජබෙ එක එක කතා කිය කිය යනවා. මං අහගෙන සජිත් ප්‍රේමදාසගෙ ඔය සමහර ගෝලයෝ ඒගොල්ලෝ කියනවා ඔය සමීක්ෂණ වාර්තා බොරුලු. ඒවා හදපු කට්ටිය නැතිලු. ඒගොල්ලන්ට සමීක්ෂණ කරන්න තරම් අත්දැකීම් නැතිලු. එක පොඩිලු. මේ අද ඊයේ සමීක්ෂණය කරපු කට්ටිය නෙමෙයි. එදා ඉඳලා සාමාන්‍යයෙන් සමීක්ෂණය කියලා කියන්නේ එක්තරා සංඛ්‍යාන විද්‍යාවක්. ඒගොල්ලො ළඟ තියෙනවා එකක්. ඒ අනුව තමයි තෝරගන්නේ කාගෙන්ද අහන්න ඕනේ කියලා. නාගරික අවුරුදු විස්ස, විසිපහ අතර තරුණයෙක්ගෙන් අහන්න ඕන. තියෙනවා ඒගොල්ලන්ට. ඒ වගේ වර්ගීකරණයක්. දැන් එහෙම කියපු කට්ටිය මේ රටේ රට විතරක් නෙමෙයි. ලෝකෙත් ඒ සමීක්ෂණ වාර්තා පිළිඅරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව අගමැති මෝදිගේ පක්ෂේ නෙමෙයි. භාරතීය ජනතා නෙමෙයි. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ජාතික ජන බලවේගයට නිල වශයෙන් ආරාධනා කළා එන්න ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න. මේ තියෙන කර්මාන්ත නරඹන්න, මේ තියෙන කෘෂිකාර්මික ප්‍රතිපත්ති අධ්‍යයනය කරන්න. ගුජරාටි වලට ගිහිල්ලා අපේ සැලැස්ම බලන්න. අපිට ආරාධනා කළා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව.
අපි ඉන්දියාවට යනකොට ඒ පත්තර වාර්තා කරනවා ඔය ද හින්දු, හින්දුස්ථාන් ටයිම්ස් මුළු ලෝකයම පරිහරණය කරන ඉන්දියානු පත්තර. ඒගොල්ලෝ කියනවා ඇයි ජාතික ජන බලවේගයට ඉන්දියානු මහ ආණ්ඩුව එන්න කියපු හේතුව? මොකක්ද? මේ වෙනකොට රටේ ජනමතය තියෙන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. ලංකාවේ ජනප්‍රියම දේශපාලඥයා අනුර කුමාර දිසානායක කියන්නේ. ඒවා තමයි ඉන්දියානු මහ ආණ්ඩුවටත් අපිව ගෙන්නන්න බලපෑම් කරලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ අපිට පාර්ලිමේන්තුවේ ඉන්නේ තුන්දෙනයි. සජිත්ට ඉන්නවා 50 ක් විතර. විපක්ෂයේත් නායකයා. දැන් සජිත්ට එන්න කිව්වේ නැහැනේ සජිත්. ආරංචියි. ලියුම් ලිය ලියා ඉල්ලනවලු මමත් ගෙනා ගන්ඩෝ කියලා. තාම නෑ තාම නෑ. මිනිහා තව සතියක් දෙකක් බලලා ෂුවර් දඹදිව වන්දනා ගමනක් හරි ගිහිල්ලා එනවා.”