ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට දිනන්න බැරි නිසා. නිවැරදි පුද්ගලයා ජනාධිපති උනොත් රට හදන්න පුළුවන්.

ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට දිනන්න බැරි නිසා. නිවැරදි පුද්ගලයා ජනාධිපති උනොත් රට හදන්න පුළුවන්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කතා කරන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජය ගැනීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතා සතු නොවන නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරයට සුදුසු පුද්ගලයෙකු පත් වුවහොත් රට දියුණු කිරීමේ හැකියාවක් පවතින බව ය. වැඩිදුරටත් කරුණු දක්වන ගනේෂන් මෙසේ සඳහන් කරයි.

“මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා අපේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගත් කිව්වා. ඊට පස්සේ එයා දෙවෙනි සැරේ එනකොටත් කිව්වා ඊට පස්සේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා ඊට පස්සේ අන්තිමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් කිව්වා. කියලා කවුරුත් ඇවිල්ලා ඒක අහෝසි කරේ නෑ, හේතුව ඒගොල්ලන්ට බලයක් ලැබුනහම ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුන ඒ බලය තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාවට කිව්ව පොරොන්දුවත් කරන්න කැමති උනේ නැහැ ඒ වගේම ජනතාව ගැන කල්පනා කරෙත් නැහැ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා යන එකෙන් හරි බොරුවක් තමයි.

මේ ජනාධිපති ක්‍රමය එක එක පුද්ගලයෙක්ගේ අතට යනවා මේ එක ඒක ඇවිල්ලා සුළු ජාතීන්ට හොඳයි. වාසියක් තැන තියෙනවා. හැමෝටම ප්‍රශ්නත් තියෙනවා. මේ ජනාධිපති ක්‍රමය තියෙන එක. ඒ නිසා සුළු ජාතීන්ට ඒක වාසියක් තියෙනවා කියන නිසා අපිට නිකං මේ මේක එහෙම තියන්නම ඕන ජනාධිපති ක්‍රමය කියලා මං කියන්නේ නෑ. අපි කියන්න කැමති නෑ. ඒ කියන්නේ අපි රට වෙනුවෙන් අපි ඉන්න මිනිස්සු. අපේ පක්ෂෙත් එහෙම තමයි.

ඒ නිසා දැන් ඇවිල්ලා ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ, වර්තමාන ජනාධිපතිතුමාට දිනන්න බැරි තත්වයක් තියෙනවා. සපෝට් එකක් නෑ එතකොට මෙතන මේ කතාව දාලා ඕක මාරු කරලා, ඔය කතාව යටතේ මේ සුළු ජනතාවගෙ ඡන්දය හෝ අනිත් කට්ටියගේ ඡන්දය හෝ ගන්න හදනවා. ඒකයි මේක වෙලා තියෙන්නේ. අනිත් එක සමහර වෙලාව දැන් මේ එකක් තියලා, එකේ මේ කාටත් මේ පෙන්නන්න බෑ. එකසිය දහතුනක් පෙන්නන්න බැරි එකක් එයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *