ජනාධිපති රනිල්ගෙන් ගිලිහෙන අපේක්ෂකත්වය UNP නායක රනිල් ටද ? පොදු අපේක්ෂකයකුටද ??
ලෙහා බලන්න ට තිබෙන මල්ල ඔබා බැලිය යුතු නැත , ඒත් වෙන්නට තියෙන දේවල් කලින් නොකියාත් බැරිය.
ජනපති රනිල් මොන දහන් ගැට දැම්මත් ජනාධිපතිවරණය නොපවත්වා සිටින්නට විදියක් නැත. පවත් වන දිනය පිලිබඳව ඉදිරි සතිය තුල මැතිවරණ කොමිසම ප්‍රකාශ කරාවි. ඇත්තටම ජනපති රනිල්ගේ ඉල්ලීම මත මේ දිනය තවමත් ප්‍රකාශ නොකර ඉන්නවා යන්න එසේ නෑ කීවද මේ වන විට කවුරුවත් විශ්වාස කරන්නේද නැත.
නමුත් අමතක නොකල යුත්තේ ජනාධිපති බලතල ඉක්මවා යන ජනාධිපතිවරණය හැකි ඉක්මනින්ම කැඳවන ලෙස වන මහජන මතයක් එලියේ නිර්මාණය වී ඇති බවය.
ගෝඨාභයට අයින් වෙන්න කියා වූ මහජන මතය මහා කලබගෑණියක් ලෙස පුපුරා ගිය බව මැතිවරණ කොමිසම නැවත නැවතත් සිහියට නගා ගත යුතුව ඇත. එවන් අවස්ථාවක් නැවත ඇති නොවන ලෙස වග බලා ගැනීම රටේ වැදගත්ම රාජ්‍ය ආයතනයක් ලෙස මැතිවරණ කොමිසම සහ දෙපාර්තමේන්තුවේ වගකීමය.
ගැටලු සියල්ල මතු වී එන්නේ ජනපති රනිල් ට බලයක් තිබුනාට UNP නායක රනිල්ට එවැනි බලයක් හෝ රටේ මතයක් නැති නිසාය. එබැවින්ම ජනාධිපතිවරණය ට ඉදිරිපත් වීමට බලාසිටින ජනාධිපති රනිල් , ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ කලෙක නිකම්ම රනිල් වික්රණසිංහ වන බව කාටත් වඩා හොඳට ඔහු දනී.
ඒ නිකම්ම රනිල්ව ඔහුව වටේ සිටිනා කීප දෙනාට හැර දේශපාලන බලාධිකාරයේ හෝ රටේ මහජනතාව සත පහකට මායිම් නොකරයි.
ඒ නිසාම තව දිනයක් හෝ ජනාධිපති ධූරයේ රැඳී සිටීමට සහ පවතින දේශපාලන තත්වය කලඹා චිත්‍රය අපහැදිලි කිරීම මේ දැන් දිග හැරෙන ජනමත විචාරණ, ව්‍යවස්ථා සංශෝධන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන චිත්‍රපට සියල්ලේ පරමාර්ථයයි. දැනට රනිල්ට ඕනෑ ලෙස ඒ සිතල්ලක්ම සිදු වෙමින් ද පවතියී.
රනිල්ට ඕනෑ ලෙස සිදුවන්නේ ජනාධිපතිවරණය ට ඉදිරිපත් වීමට ඔහුට ඇති අවස්ථාව ක්‍රමයෙන් දියවී යෑමයි.
එහිදී ගැටලුව වන්නේ එවිට තරඟය සජිත් සහ අනුර අතර වෙයිද ?
නැතහොත් රනිල්ගෙන් ගිලිහෙන එම අවස්ථාව ලබා ගැනීමට සහ ඒ කඳවුර නියෝජනය කරමින් ජනාධිපතිවරණය ට පිවිසීමට තරම් අවධානමක් ගෙන ක්‍රියාත්මක විය හැකි දේශපාලන නායකයෙකු සිටිනවාද යන්නයි !!!