ජලනිට රිදුනම  – ගම්මන්පිල ට කෙඳිරි ගෑවුනේ ඇයි  ?!

ජලනිට රිදුනම  – ගම්මන්පිල ට කෙඳිරි ගෑවුනේ ඇයි  ?!

රටේ ජනාධිපති වීමට තරම් චම්පික රණවක ට සුදුසුකමක් නැතැයි උදය ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත.

ලංකාවේ ජනාධිපතිධූරයට පත් වූවන්ගේ ඉතිහාසය පිරික්සීමෙන් සහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති අය අතුරින් ,  ලංකාවේ ජනාධිපති වීමට තිබූ සහ ඇති සුදුසුකම් විමසා බැලුවහොත් රටේ ජනතාව කල මෝඩකම් මෙන්ම කරගන්න ඉන්න මෝඩකම් ගැනද අවබෝධයක් ලබා ගත හැකිය.

ඒ අර්ථයෙන් ගත් විට ගම්මන්පිල මේ සුදුසුකම් ගැන මතු කල කාරණය කාලීනය.  එම නිසා ගම්මන්පිල මතු කළ චම්පික රණවක කියන පුද්ගල සාධකය පසෙකට කර දමා මෙතෙක් අපි ඡන්දය දුන්නේ සහ ඉදිරියට දෙන්න බලාගෙන ඉන්නේ විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් තුල ඒ ඒ අපේක්ෂකයාගේ පවතින කුමන සුදුසුකම් මතදැයි රටේ මහ ජනතාව තම තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත යුතුව ඇත.

  • තම ආවේගය හෝ තරහව පිට කරගන්න ඡන්දය දෙනවාද?
  • ඉච්ඡාභංගත්වයට පත්වීම මත දෙනවාද?
  • ලස්සනට කට උල් කරලා කථා කරන නිසා දෙනවාද?
  • බඩු බෙදන නිසා දෙනවාද?
  • හොරු අල්ලනවායැයි කියන නිසා දෙනවාද?
  • රාජ්‍ය ආයතන විකුණා හෝ ලෝකයට ණය වී හෝ ඩොලර් ගේන නිසා දෙනවාද ?
  • ප්‍රජාතන්තරවාදය හකුලන අයෙකුට දෙනවාද?

මේ ආදී ප්‍රශ්න වැලක් ජනතාව තම තමන්ගෙන්ම අසා ගත යුතුය .  ඒසේ අසමින්ම,  එසේ නොමැති නම්…..


   #  ඇති වී තිබෙන සංකීර්ණ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න ගැන ඇති දැනුවත්භාවය මත දෙනවාද
   #  එම ගැටලු විසඳීමට පවතින සංයුක්ත ප්‍රායෝගික ක්‍රියාවලිය මත දෙනවාද
   #  ධනෝත්පාදන ක්‍රියාවලියක් පිලිබඳව පවතින නූතන දැනුම මත දෙනවාද
   #  කලින් රාජ්‍ය ආයතන පාලනය කර පවතින අත්දැකීම සහ ඒවා සාර්ථකව කලමනාකරනය කර පෙන්වා ඇති පදනම මත දෙනවාද…..
  #  තුලනය,  විගණනය,  ප්‍රසම්පාදනය, වැඩ  තක්සේරුව පිලිබඳව අදහසක් දක්වන අයකුට දෙනවාද

ආදී වශයෙන් ජනතාව ඒ ඒ අපේක්ෂකත්වය ගැන නම් කියැවෙන පුද්ගලයා ගැන විමසා බැලිය යුතුය.

දැන් ගම්මන්පිල මතුකල චම්පික ගේ ජනාධිපති වීමට ඇති සුදුසුකම් ගැන ඔහුගේ නිර්ණායක මත නොඉඳ ජනතාවට විමසා බැලීමේ කවුලුවක් විවෘත වේ.

නමුත් මෙහිදී අපි විමසා බැලිය යුත්තේ චම්පික ගේ සුදුසුකම් හොයන්න ගම්මන්පිල ට ඇති සුදුසුකම මොකක්ද කියන එක සහ ඔහු හදීසියේම චම්පික ගැන මෙවැනි ප්‍රකාශයක් කලේ ඇයිද යන්නය ?

ජනතාව පලවා හැරිය ලංකාවේ පත්වූ අසාර්ථකම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරට ගෙන ඒමට ප්‍රධානම කාර්යභාරයක් කල පුද්ගලයෙකි ගම්මන්පිල.  එපමණක් නොව එම ගෝඨාභය ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යධූරය දරමින් රට දිනකට පැය දහය දොළහ අඳුරේ තැබීමට මෙන්ම ඉන්ධන සැපයුම නිසි ලෙස කලමනාකරනය කරගැනීමට නොහැකිව මිනිස්සුන්ට ඉන්ධන පෝලිම් වල මියයාමට පවා සැලැස්වූවේද මේ අනුන්ගේ සුදුසුකම් හොයන ගම්මන්පිල ය.

ඒ වගත් එසේම වද්දී ඇයි හදිසියේම ගම්මන්පිල,  චම්පික ට ගැහැව්වේ යන පැනය එලියට එයි.
එය පිටුපස සිටින්නේ සජිත් – ජලනි – ටිරාන් බලවේගයයි. 
පසුගිය දා සජිත් ජාවාරම්කාර අරක්කු මුදලාලිලාගේ සහ බදු පොලු කාරයන්ගේ කීමට චම්පික ව පාර්ලිමේන්තු කාරක සභා වලින් ඉවත් කලේය. මෙයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් චම්පික හරහා එල්ල වුනි.  වෙනදා තම නායකයා ට විරුද්ධව කවුරුන් හෝ වචනයක් කථා කලත් මාධ්‍ය හමු පවත්වා ඒ කල වුන්ව විවේචනය කරන්නට නොපැකිලෙන සජබ මන්ත්‍රීවරුන් කිසිවෙක් මෙම අවස්‌ථාවේදී සජිත් වෙනුවෙන් මීක් ගෑවේ නැත.
එපමණක් නොව තත්වය එසේ තිබියදී සහ සජිත් එපා කියා තිබිය දී රංජිත්,කබීර්,හර්ෂ, එරාන් චම්පික ගේ පසුගියදා පැවති රැස්වීමකටද එක්විය.

මේ පිළිබඳව වඩාත් කිපුනේ ජලනි ආර්යාව ය. ඇය මේ මන්ත්‍රීවරුන් හට චම්පික ට එරෙහිව මාධ්‍යයට කථා කරන ලෙස දැන් වුවත් ඔවුන් නෑසු කන් ඇතිව දින ගෙවිණ.

ජලනිලාගේ ඔලුවට ගම්මන්පිල එන්නේ මේ අතරය.  මන්ද තමන්ට කඩුවෙල ආසන සංවිධායක ධුරය දෙන ලෙසත් එසේ කර තමන්ව සජබයට එකතු කරගන්නා ලෙසත් මේ ගම්මන්පිල නිතර නිතර සජිත් – ජලනි – ටිරාන් හමු වී කන්නලව් කර තිබුණි.  අවුලකට තිබුනේ සුජීව සේනසිංහ,  මරික්කාර්, හිරුණිකා මේ ගම්මන්පිල ව එක් කර ගැනීම ට විරෝධය පෑමයි.
නමුත් ජලනි , ගම්මන්පිල ට දන්වා තිබුනේ චම්පික ට ගහලා පෙන්වන්න මම හිරෝණිකාලව බැලන්ස් කරන්නම් කියාය.
කවදත් අනුන්ගේ කටු කෑ ගම්මන්පිල පුරුද්දට මෙන් එය ඉටු කර දී තිබේ. 
ඉතින් සජිත්ට ගැහුව්වම ජලනිට රිදී ගම්මන්පිල හරහා කෙඳිරි ගෑවුනේ එලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *